ජාතික උරුමයන් ආරක්ෂා කරමු - දින 3ක අධ්‍යාපන චාරිකාව

අප්‍රේ 02, 2021

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සාමූහික එකමුතුකම සහ සහජිවන කමිටුව මගින් ජාතික උරුමයන් ආරක්ෂා කරමු යන තේමාව යටතේ සංවිධානය කරන ලද දින තුනක අධ්‍යාපන චාරිකාව පුත්තලම අනුරාධපුරය දඹුල්ල පොලොන්නරුව හා කාත්තන්කුඩිය ප්‍රදේශයන්හි සාර්ථකව නිම විය.

අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ ගොඩනැගීම පදනම් කරගෙන සූදානම් කරන ලද මෙම අධ්‍යාපන චාරිකාවේ අවංක ලෙසම අපේක්ෂා කරනුයේ ජාතික උරුමයන් ආරක්ෂා කරන්නා වූ ලෝකය ඉදිරියේ අභිමානයෙන් වැජඹෙන්නා වූ දේශයක් බිහි කරමින් ශ්‍රී ලාංකේය සැමට සුහදත්වය සාමය හා සහෝදරත්වය සපිරි සමාජ පරිසරයක් ගොඩ නැඟීමයි.

මෙම චාරිකාවට දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පුජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා පස් නමක් සහභාගී වූහ. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් එකමුතුකම සහ සහජිවන කමිටුවේ ලේකම් ඇතුළු මවුලවිවරුන් 11 දෙනෙකුද මෙයට සහභාගී වූහ.

Last modified onසිකුරාදා, 02 අප්‍රේල් 2021 06:15

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.