රට තුළ කොරෝනා වෛරසය නැවත පැතිරීමේ අවදානමක් තිබෙන හෙයින් සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා පහත සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.

අප්‍රේ 30, 2021

ACJU/NGS/2021/063

2021.04.30 (1442.09.17)

 

 

  1. මෙම ව්‍යසනය වලක්වා ගැනීම සඳහා ඉදිරි මසක් පුරාවට දිනපතා පස්‌ෙව්ල නැමදුමෙහි කුනූත් අන්-නසිලා කෙටියෙන් පාරායනය කිරීම සහ දූආ ප්‍රාර්ථනාවන් කිරීම, දික්ර්, ඉස්තිග්ෆාර් සහ සදකා දානමාන වැනි යහපත් ක්‍රියාවන්හි නිරත වීම. (කුනූත් අන්-නසිලා හා දූආ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් පහත සබැඳියෙන් දක්වා ඇත:

        (https://acju.lk/news-ta/acju-news-ta/item/2005-covid-19)

  1. සෞඛ්‍ය බලධාරීන් සහ වක්ෆ් සභාව විසින් ලබා දී ඇති සියලු උපදෙස් සම්පූර්ණයෙන්ම පිළිපැදීම. විශේෂයෙන් පස්වේල නැමදුම සඳහා රජයෙන් අනුමත කොට ඇති සීමිත ගණන පමණක් මස්ජිදයට ඇතුළු විම. මෙම කරුණ නිසියාකාරව ඉටුකිරීම සඳහා මස්ජිද් පරිපාලකයින්ට සහාය දැක්වීම.
  2. සෞඛ්‍ය සීමාවන් නිසා මස්ජිද්වල නැමදුම් කිරීමට අවස්ථාව නොලත් උදවිය, තම පවුලේ අය සමඟ නිවසේ සිට සාමුහිකව නැමදුම් ඉටුකොට, රමළාන් මස අවසන් දින 10හි රාත්‍රි කාලයෙහි නැමදුම්හි යෙදී, අප සහ ලෝ වාසී සියලු ජනයා වෙනුවෙන් විශේෂ දූආ ප්‍රාර්ථනාවන්හි නියැලීම. මේ අනුව තම නිවෙස්වල අනිවාර්ය වූ නැමදුම් ඉටු කිරීමෙන් ඔවුන්ගේ කුසල හිමිකර ගත හැකි බවට පහත දැක්වෙන නබිවදන සාක්ෂි ලෙස දැක්විය හැකිය.

عن أبي موسى الأشعري رضي الله عنه  قال: قال رسول الله  صلى الله عليه وسلم : (إذا مرض العبد أو سافر كتب له مثل ما كان يعمل مقيمًا صحيحًا) رواه البخاري.

නබි මුහම්මද් තුමාණෝ පැවසූ බව අබූ මූසා අල්-අෂ්අරි තුමාණෝ පැවසූහ. “යම් ගැත්තෙකු නිරෝගීව සිටියදී හා ගමේ සිටියදී ඉටුකරමින් පැමිණි යහක්‍රියාවන්ට සමාන (එවැනිම) කුසලක් ඔහු රෝගීව සිටියදී හා ගමනක යෙදී සිටියදී අත්වනු ඇත.” (මූලාශ්‍රය: බුහාරී)

  1. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වුවද කණ්ඩායම් වශයෙන් කඩ සාප්පුවලට යෑමෙන් වැළකී සිටීම. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් ගනුදෙනු කිරීම.

සර්ව බලධාරී අල්ලාහ්, අපගේ මව්බිම සහ මුළු ලෝකයම මෙවැනි මාරාන්තික රෝගවලින් ආරක්ෂා කරත්වා!

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Last modified onසිකුරාදා, 30 අප්‍රේල් 2021 10:11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.