Super User

Super User

අපි ගැන

දෙසැ 13, 2019

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය (සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය)

සියලු ප්‍රශංසා සර්ව බලධාරි අල්ලාහ්ට පමණක් හිමිය. සලාතය නැමැති කරුණාව ද සලාමය නැමැති ශාන්තිය ද අවසන් නබිවරයා වන මුහම්මද්  තුමාණන් කෙරෙහි ද එතුමාගේ ඥාතීන් හා මිත්‍රයින් සියලු දෙනා කෙරෙහි ද හිමි වේවා !

1924 වන වර්ෂයේ ජීවත් වූ ගෞරවණීය ආලිම්වරුන් (ඉස්ලාම් ආගමික වියතුන්) විසින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය පිහිටුවන ලදී. මෙහි ආරම්භයට, අභිවෘද්ධියට හා උන්නතියට හේතු පාදක වූ සියලු ආලිම්වරුන්ට අල්ලාහ්ගේ මහඟු දයාව හිමි වේවා !

දශක නවයක් පසු කර අද විවිධාංගීකරණය කර පරාර්ථකාමීව සමාජ සේවයේ නියැළෙමින් සිටින සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ඓතිහාසික වශයෙන් මිනිස් සමාජයට ද" විශේෂයෙන් අප රටේ මුස්ලිම් ජනයාට ද කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව අපක්ෂපාතීව කාලයේ අවශ්‍යතාවය හඳුනා ගෙන සේවාවන් බොහෝමයක් ඉටු කර ඇත.

2000 වර්ෂයේ පාර්ලිමේන්තු සම්මතය අනුව දිවයින පුරා ප්‍රාදේශීය හා පළාත් මට්ටමෙන් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයට අයත් ශාඛා 147 ක් පිහිටුවා ඇත. එහි 6000 කට වැඩි ආලිම්වරුන් දැනට සාමාජිකත්වය දරති.

අවුරුදු තුනකට වරක් විධායක මණ්ඩලය තෝරන මහා සභා රැස්වීම පැවැත් වේ. එම තේරීමේ දී රටේ නොයෙකුත් ප්‍රදේශයන් නියෝජනය වන පරිදි ආලිම්වරුන් 33 දෙනෙකු විධායක මණ්ඩලයට තෝරා පත් කර ගනු ලැබේ.

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ විධායක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ෆත්වා කමිටුව" හලාල් කමිටුව, හිලාල් කමිටුව, සමාජ සේවා කමිටුව, අධ්‍යාපන කමිටුව, ප්‍රචාරක කමිටුව, ප්‍රකාශන කමිටුව, ඉස්ලාමීය ආර්ථික හා මූල්‍යමය කටයුතු සඳහා උපදේශක කමිටුව, තොරතුරු එක්රැස් කිරීමේ කමිටුව, සාමුහික එකමුතුකම හා සහජීවන කමිටුව ආදි කමිටු මගින් විවිධ සමාජ සේවාවන්හි නිරත වෙයි. ඉහත සඳහන් සියලු කමිටුහි මෙම සංගමයේ විධායක මණ්ඩලයේ ආලිම්වරුන් 33 සමඟ තවත් දිවයිනේ වැදගත් ආලිම්වරුන් සාමාජිකත්වය දරති.

මෙම කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුව සාමාජිකයෝ තම සේවාවන් ඉදිරියට ගෙන යති.

ෆත්වා කමිටුව

දෛනික ජීවිතයේ මිනිසුන් මුහුණ පාන ප්‍රශ්න වලට ආගමික විසඳුම් ලබා දීමේ සම්පූර්ණ අනුමැතිය හිමි එකම සංගමය වශයෙන් සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංගමය ක්‍රියා කරයි. ඉස්ලාමය සම්බන්ධ ප්‍රශ්න වලට විසඳුම් දීම සඳහා ගරු අධිකරණය ද මෙම සංගමයේ ෆත්වා දෙස අවධානය යොමු කරයි. දිනපතා දුරකථන මගින් වාචිකව, ලිඛිතව හා සම්මුඛව විමසා ෆත්වා අසා පැමිණෙන පිරිසට ෆත්වා හෙවත් ඉස්ලාම් ආගමික නීතිරීතීන් ඇසුරෙන් විසඳුම් ලබා දෙයි.

මාසිකව ෆත්වා කමිටු රැස්වීම පැවැත් වෙන අතර අපගේ සාමාජිකත්වය දරන ප්‍රාදේශීය ශාඛාවලට අයත් ආලිම්වරුන්ගේ ගැටළු සහගත හා මතභේදයට ලක් වූ කරුණු ඉතා පැහැදිලිව ගවේෂණය කර ෆත්වාවන් ලේඛන ගත කරයි. එලෙස ලිය වූ හා එළිදැක් වූ ෆත්වාවන් මෙතෙක් 296 ක් පමණ පළ කර ඇත.

අධ්‍යාපන කමිටුව

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ අධ්‍යාපන කමිටුව කුඩා ළමුන් සඳහා වූ පාසල්" අරාබි විදුහල් හා මක්තබ් ආදිය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ අධ්‍යාපන දියුණුව සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් ඉටු කරන අතර මුස්ලිම් පාසල් වල අධ්‍යාපනික තත්ත්වය වර්ධනය කිරීමට මෙම කමිටුව හැකි තරමින් වෙහෙස දරයි.

ශ්‍රී ලංකාවේ අරාබි විදුහල් වල අධ්‍යාපනික තත්ත්වයන් නිරීක්ෂණය කරන අතර, එම විදුහල්  අතර සම විෂය නිර්දේශයක් ද ක්‍රියාවට නංවා ඇත.

කුඩා ළමුන්ගේ තඃලීම්" තර්බියා වැනි අංශ අවධානයට ගෙන මක්තබ් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරයි. අල්ලාහ්ගේ උදව්වෙන් මෙම ක්‍රියාවලිය ප්‍රශංසාවට ලක් වී ඇත.

සාමුහික එකමුතුකම භා සහජීවන කමිටුව

ඉස්ලාමීය මතවාදයන්" දඃවා සංවිධාන, තරීකාවන් අතර අන්‍යෝන්‍යය අවබෝධය, සුහදත්වය, එකමුතුකම, සහයෝගය ඇති කර සාමය ගොඩ නැගීමේ කටයුතු වල යෙදෙන අතර අනෙකුත් ආගම් සමග සහජීවනය හා අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමට මෙම කණ්ඩායම වෙහෙස දරයි.

හලාල් කමිටුව (ඉස්ලාම් නීතිය අනුව සහතික නිකුත් කිරීම)

විවිධ පාරිභෝගික නිෂ්පාදන අධික වී සෞඛ්‍යාරක්ෂිත ජීවිතයට, දෛනික අභියෝගයක් වී ඇති මෙම කාල වකවානුවේ පිරිසිදු හලාල් වූ නිෂ්පාදන පමණක් පාරිභෝජනය කර අල්ලාහ්ගේ තෘප්තිය හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ යුතුයි යන උසස් පරමාර්ථයෙන් හලාල් සහතික කිරීමේ කමිටුව ආරම්භ කරන ලදී.

නවීන ලෝකයේ අභියෝග හොඳින් වටහා ගෙන ආරෝග්‍යමත් ජීවිතයකට මගපාදා දිය යුතුයි යන උසස් අරමුණින් සේවය කරන සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ හලාල් කමිටුව විසින් ලබා දෙන හලාල් තහවුරු කරන ලද සහතික මුස්ලිම්වරුන්ගේ පමණක් නොව අන් ආගමික සහෝදරයින් අතර පවා ප්‍රශංසාවට ලක් වෙමින් පවතී.

එහෙත් මෙම සංගමය විසින් හලාල් සහතික නිකුත් කිරීම 2014.01.01 දිනදී පෞද්ගලික ආයතනයකට භාර කරන ලදී. එමෙන්ම මෙම සංගමය විසින් මෙවන් ආයතනවලට ෂරීආ හෙවත් ඉස්ලාම් ආගමික නීතිරීතීන්ට අදාළ කාරණා මත පමණක් මගපෙන්වමින් සිටියි.

හිලාල් (නව සඳ තීරණය කිරීමේ) කමිටුව

සෑම මසකම කොළඹ මහ පල්ලිය සමඟ ඒකාබද්ධ වී නව සඳ දැක හිජ්රි දින දර්ශනය නිකුත් කෙරේ. එමෙන්ම නව සඳ පිළිබඳව ජනයා තුළ දක්නට ලැබෙන වැරදි මත පැහැදිලි කර නිවැරදි කරමින් සියලු පාර්ශවයන් එකඟ කිරීම පිණිස නොයෙකුත් ප්‍රදේශ වල නව සඳ පිළිබඳ වූ රැස්වීම්, සම්මන්ත්‍රණ පවත් වනු ලැබේ. එමෙන්ම සලාතයේ කාල සටහන, මස්ජිදයන්හි කිබ්ලා දිශාව යනාදිය නිවැරදිව තිබේ දැ‘යි ද විමර්ශනය කෙරේ.

සමාජ සේවා කමිටුව

ස්වාභාවික උවදුරු වැනි ආපදාවන් ඇති වන අවස්ථාවන්හි නායකත්වය දරා සේවාවන් සලසනු ලබයි. සුනාමි ඛේදවාචකය හා ගංවතුර වැනි විපත් වලදී සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය විසින් සේවාවන් රාශියක් දියත් කර ඇත. තවද අන් ආගමික සහෝදරයින් සමග සහජීවනයෙන් හැසිරිය යුතු ආකාරය ද විටින් විට පැහැදිලි කර දෙනු ලබයි.

ප්‍රචාරක කමිටුව

මුස්ලිම් සමාජය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ප්‍රචාරක කටයුතු අවශ්‍යතාවට අනුකූලව ක්‍රියාත්මක කෙරේ. ඉස්ලාමීය ප්‍රතිපත්ති හා මතයන් පිළිබඳව අවබෝධයක් ඇති කරන සම්මන්ත්‍රණ හා රැස්වීම් පවත්වන අතර මස්ජිදයන් පදනම් කරගෙන එක් එක් ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වූ පුද්ගලයන් හට ආගමික අවබෝධයක් ලබා දීමේ කටයුතු ද ක්‍රියාත්මක කෙරේ.

ප්‍රකාශන කමිටුව

මෙම කමිටුව විසින් සමාජයට අවශ්‍ය ප්‍රකාශනයන් හා අනු ප්‍රකාශනයන් නිකුත් කරයි. රමලාන් හා හජ් කාල වකවානු වල ජනයා තමාගේ වත් පිළිවෙත් අන් ආගමිකයින්ට හිරිහැරයක් නොවන සේ නිසි අයුරින් ඉටු කිරීමට අවශ්‍ය සියලු මඟ පෙන්වීම් සහිත අත්පොත් නිකුත් කෙරේ.

ඉස්ලාමීය ආර්ථික හා මූල්‍යමය කටයුතු සඳහා උපදේශක කමිටුව

බැංකු හා මූල්‍ය ආයතන සඳහා වූ ඉස්ලාමීය මඟ පෙන්වීම හා උපදෙස් මෙමඟින් ලබා දෙයි. වර්ධනය වෙමින් පවතින නවීන ආර්ථික ක්‍රමවේද වෙත අවධානය යොමු කර ඒවාට මුහුණ දෙන ආකාරයට ආලිම්වරුන් දැනුවත් කිරීමේ උසස් අරමුණින් නොයෙකුත් නේවාසික පුහුණු වැඩසටහන් හා සම්මන්ත්‍රණ පවත්වනු ලබයි. ශ්‍රී ලංකාවේ සියලු මස්ජිදයන් ආශ්‍රිත ජනතාව සඳහා අදාල මස්ජිදයන් හී ‘බයිතුල් මාල්‘ නම් වැඩ පිලිවෙලක් දියත් කරමින් පවතී.

තොරතුරු රැස් කිරීමේ කමිටුව

මුස්ලිම්වරුන් හා සම්බන්ධ වූ සියලු තොරතුරු එක්රැස් කිරීම මෙම කමිටුව විසින් සිදු කරනු ලැබේ. මුස්ලිම් පාසල්, අරාබි මද්රසා, මස්ජිද්, මක්තබ්, පෞද්ගලික ආයතන, උගතුන්, විද්වතුන් ආදී සමාජය හා සම්බන්ධ තොරතුරු එක්රැස් කෙරේ.

මෙවැනි විවිධ සමාජ සේවාවන් වල නිරත වී කැපවීමෙන් යුතුව කටයුතු කරමින් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ ශක්තිය අධිෂ්ඨානය හා වර්ධනය ඇත්තෙන්ම මුස්ලිම් සමාජයේ සංවර්ධනය හා දියුණුව වන්නේය.

එබැවින් සෑම දෙනාම ස්වකීය කැමැත්ත හා අකමැත්තට ඔබ්බෙන් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ වර්ධනය උදෙසා තමාට හැකි සහයෝගයක් දීමට ඉදිරිපත් වන ලෙස මෙම සංගමය සියලු දෙනාටම ආරාධනා කරයි. අල්ලාහ් අප සියලු දෙනාව ඔහු ප්‍රිය කරන මාර්ගයේ හසුරුවා අපගේ සත් ක්‍රියාවන් සියල්ල පිලි ගනිත්වා !

ආමීන් !

අප අමතන්න

දෙසැ 13, 2019
            
  

 

 

අප පිහිටි තැන,

සමස්ත ලංකා ජම්මීය තුල් උලමා සංවිධානය (ACJU)

අංක 281, ජයන්ත වීරසේකර මාවත,

කොළඹ 10, ශ්රී ලංකාව.

+94 117 490 490 | +94 112 435 859 

 www.acju.lk | This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ විධායක කමිටුව

ගරු සභාපති

  • අෂ් ෂෙයික් (මුෆ්ති) එම්.අයි.එම්. රිzස්වි

ගරු නියෝජ්‍ය සභාපති

  • අෂ් ෂෙයික් ඒ.සී.එම්. අගාර් මොහොමඩ්

ගරු මහ ලේකම්

  • අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්

ගරු භාණ්ඩාගාරික

  • අෂ් ෂෙයික් ඒ.එල්.එම්. කලීල්

ගරු උප සභාපති වරුන්

  • අෂ් ෂෙයික් එච්. උමර්ඩීන්
  • අෂ් ෂෙයික් එම්.එල්.එම්. රිලා
  • අෂ් ෂෙයික් එම්.ජේ. අබ්දුල් කාලික්
  • අෂ් ෂෙයික් ඒ.එල්.එම්. හාෂිම්
  • අෂ් ෂෙයික් එස්.එච්. ආදම් බාවා

ගරු උප ලේකම් වරුන්

  • අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිඩ්
  • අෂ් ෂෙයික් එම්.එස්.එම්. තාසිම්

ගරු උප භාණ්ඩාගාරික

  • අෂ් ෂෙයික් ඒ.එම්.එම්. අනස්

ගරු විධායක කමිටු සාමාජිකයින්

  • අෂ් ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්
  • අෂ් ෂෙයික් එම්.එෆ්.එම්. ෆාzසිල්
  • අෂ් ෂෙයික් කේ.එම්. මුක්ෂිත්
  • අෂ් ෂෙයික් අර්කම් නූරාමිත්
  • අෂ් ෂෙයික් එම්.එම්. හසන් ෆරීඞ්
  • අෂ් ෂෙයික් (මුෆ්ති) එම්.එච්.එම්. යූසුෆ්
  • අෂ් ෂෙයික් ඒ.සී.එම්. ෆාzසිල්
  • අෂ් ෂෙයික් එස්.එල්. නව්ෆර්
  • අෂ් ෂෙයික් එම්.කේ. අබ්දුල් රහ්මාන්
  • අෂ් ෂෙයික් එස්.ඒ.එම්. ජව්ෆර්
  • අෂ් ෂෙයික් අබ්දුල්ලා මහ්මූඩ්
  • අෂ් ෂෙයික් ඒ.ආර් අබ්දුල් රහ්මාන්
  • අෂ් ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන්

ඉස්ලාමය සාමූහික සහජීවනය අවධාරණය කරන දහමකි. මේ ආකාරයට සමාජීය සබැඳියාවට හානිකරන කිසිදු කි‍්‍රයාමාර්ගයක් ඉස්ලාම් ධර්මය අනුමත නොකරයි.

ධර්මයන් අතර අනවශ්‍ය ප‍්‍රශ්නයන් ඇති කරන ආකාරයට මුස්ලිම්වරු කි‍්‍රයා නොකළ යුතු අතර අන් ආගමික සහෝදරයන්ගේ ආගමික අගයන් වලට ගරු කළ යුතුයි යනුවෙන් ද ඉස්ලාමය උගන්වා දෙයි.

ඉස්ලාමයට එරෙහිව කටයුතු කරන බලවේගයන් කි‍්‍රයාත්මක වන විටදී ඔවුන් කි‍්‍රයාත්මක වන ආකාරයටම මුස්ලිම්වරු කි‍්‍රයා කිරීම ඉස්ලාමය අනුමත නොකරයි. අයහපත් කි‍්‍රයාවන් යහපත් කි‍්‍රයාවන් මගින් වලක්වන ලෙසට ද අයහපත පෙන්වාදෙන විටදී මෘදු භාවයෙන් කතා කරන ලෙසට ද අන් ආගමික සහෝදරයන්ගේ සිත් නොරිදවන ආකාරයට වදන් භාවිත කරන ලෙසට ද ඉස්ලාමය මගපෙන්වා දෙයි.

අනෙකුත් ධර්මයන් විවේචනය කිරීම ඉස්ලාමය දැඩිව හෙළා දකින අතර අනෙකුත් ආගමික නායකයන් සමග ගෞරවයෙන් කටයුතු කිරීමට ඉස්ලාමය මගපෙන්වා දෙයි. ඉස්ලාම් ධර්මයේ මෙම ඉගැන්වීම් උදාසීන වන ආකාරයට ලිවීම ද කතා කිරීම ද සමාජ ජාලයන් භාවිත කිරීම ද අප දැඩිව හෙළා දකින්නෙමු.

 ඕනෑම මුස්ලිම්වරයෙකු අනෙකුත් ආගමකට හෝ ආගමික නායකයන්ට අගෞරව කරන ආකාරයට අදහස් ඉදිරිපත් කිරීම අප හෙළා දකින අතර මෙම ක‍්‍රමවේදය ඉස්ලාමීය ඉගැන්වීම් වලට  සම්පූර්ණයෙන්ම පටහැනි යැයි විවෘතව ප‍්‍රකාශ කරන්නෙමු.

තවද ඉස්ලාමයට ද මුස්ලිම්වරුන්ට ද මුස්ලිම්වරුන්ගේ ශුද්ධ ග‍්‍රන්ථය වන අල් කුර්ආනයට ද අපහාසාත්මකව සිදු කරන සෑම කටයුත්තක්ම අප හෙළා දකින අතර මෙවැනි දෑ සඳහා ඉදිරිපත් වන පුද්ගලයන්ට විරුද්ධව නිසි පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙලෙස නීතියට හා සාමූහික සංහිදියාවට පටහැනිව කරන්නා වූ කි‍්‍රයාවන් නැවැත්වීමට නීතියේ හස්තය ඉදිරිපත් නොවුවහොත් මාතෘ භූමියට ද අපගේ සහෝදර වැසියන්ට ද හානිකර බලපෑම් ඇති විය හැකි වේ.

තවද ජාතීන් අතර ඇති විය හැකි මතභේදයන් හදුනාගෙන ඒවා නැතිකර දැමීමට රජය අවධානයෙන් කි‍්‍රයා කළ යුතු අතර මුස්ලිම්වරුන් සම්බන්ධ කරුණු ගැන ඉස්ලාමීය විද්වතුන් හා  මුස්ලිම් සමාජයේ නායකයන් සමග සංවාදයේ නිරත වීම මගින් යහ ප‍්‍රතිඵලයන් රජයට ලබා ගත හැකි යනුවෙන් ද අප අවධාරණය කරන්නෙමු.

All Ceylon Jamiyyathul Ulama - ACJU 

All Ceylon Young Muslim Men’s Association Conference - YMMA

Sri Lanka Jama'athe Islami – SLJI

All Ceylon Thowheedh Jama’ath –ACTJ

Muslim Council of Sri Lanka - MCSL

National Shoora Council – NSC

Sri Lanka Islamic Center

Sri Lanka Islamic Student’s Movement

All Ceylon Union of Muslim League Youth Fronts - ACUMLYF

World Assembly of Muslim Youth – WAMY

Jama'ath Ansaris Sunnathil Mohammadiyya - JASM

Jama’athus Salama

International Islamic Relief Organization- IIRO

Association of Muslim Youth of Sailan (Sri Lanka) - AMYS

Colombo District Masjid Federation – CDMF

Sri Lanka Shariee’ah Council

Al Hikma Welfare Association

All Ceylon Muslim Educational Conference - ACMEC

Jama’ath ut Thowheed

Rapid Response Team - RRT

Sri Lanka Muslim Media Forum – SLMMF

All University Muslim Students Association - AUMSA

Advocacy & Reconciliation Council