29.10.2019
මුළු ලොවටම පිළිලයක් ලෙසත් ඉස්ලාම් ධර්මයහි වූ දයාව, ආදරය, කරුණාව, ගෞරවය, බල නොකිරීම වැනි ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් විකෘති කර අන්තවාදී සාහසික දේශනා තුළින් ලේ වැගිරවීම් කලාවූත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල්-බග්දාදී නැමැත්තා මරණයට පත්ව ඇති බව දැනගැනීමට ලැබීම ශ්‍රී ලංකාවේ ඇතුළුව සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත.
2015 වසරේදීම, මෙම ISIS ත්‍රස්ත සංවිධානය හා ඉස්ලාම් ධර්මය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව (ACJU) ඇතුළු ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව විසින් සිදු කරනු ලැබූ ඒකමතික ප්‍රකාශය ගැන සියලු දෙනාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.
ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ද පොළඹවාලීම් සහ අවාදර්ශයන් ලබා දුන්නේ යැයි සැක කරන මෙම ත්‍රස්ත සංවිධානයේ මූලිකයාගේ අවසානය ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම යම් අයුරකින් අස්වැසිල්ලක් වනු නියතය.
එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන්ගේ මළ සිරුරු කොටස් පවා ඉස්ලාමීය දේවස්ථානවලට හෝ සුසාන භූමි වෙත භාර නොගැනීමට සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව උපදෙස් දුන් බව ද මතක් කරනු කැමැත්තෙමු.
තවද, මෙවන් ප්රචණ්ඩ, අන්තවාදී සහ ත්‍රස්ත ක්‍රියාකාරකම්, දෘෂ්ටිවාදයන් සහ පෙළඹවීම් වලින් ඈත් වීමටත් ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් තවදුරටත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම සහයෝගය ලබා දීමටත්, ප්‍රජාවන් තුළ අන්තවාදය පෝෂණය කරනවුන් ගැන විමසිල්ලෙන් සිටින ලෙසත් සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව ශ්‍රී ලංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
අෂ්-ෂෙයික් එම්.එම්. අහ්මද් මුබාරක්
ලේකම්
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය
2019.10.25
(හිජ්රි 25.02.1441)
ලබන නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ සමයෙහි පහත කරුණු ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන මෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගෙන් සමස්ත ලංකා මුස්ලාමීය වියතුන්ගේ සම්මේලනය හෙවත් ජම්යියතුල් උලමා සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.
මස්ජිද් පරිපාලකයන්, මුස්ලිම් ආගමික වියතුන්, ආගමික ප්‍රධානීන් මෙන්ම ජම්යියතුල් උලමා සංවිධානයේ ශාඛාවල සේවයේ යෙදී සිටින්නන් ඉහත මාර්ගෝපදේශ අනුගමනය කර ඔවුන් ඇසුරු කරන ප්‍රදේශවාසී මුස්ලිම්වරුන්ටද අවශ්‍ය මගපෙන්වීම් ලබා දිය යුතු බව අප සංගමය කාරුණිකව ඉල්ලා සිටියි.
අෂ් ෂෙයික් ඒ.සී. අගාර් මුහම්මද්
උප සභාපති
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය
සෑම ආගමකට අයත් පුද්ගලයෙක්ම තම තමන්ගේ ආගමික නායකයින් දේශකයින් බිහිකිරීම සඳහා වෙන වෙනම පාසල් හා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවාගෙන ඇති පරිදි ඉස්ලාමීය දේශකයින් හා ආගමික නායකයින් බිහි කිරීමේ අරමුණින් පසු ගිය වසර 150 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින කලා පීඨ මද්රසා හෙවත් අරාබි දහම් පාසල් නමින් හැඳින් වේ.
ලංකාවේ මුල්ම අරාබි විදුහල වර්ෂ 1870 දී ගාල්ල තලාපිටිය ‘සාවියතුල් මක්කීයතුල් ෆාසිය්යතුල් ෂාදුලිය්යා’ යන නමින් ආරම්භ කරන ලද අතර වර්ෂ 1884 දී වැලිගම ‘අල් මද්රසතුල් බාරි’ අරාබි විදුහල ද වර්ෂ 1894 දී ගාල්ල ‘බහ්ජතුල් ඉබ්රාහිමිය්යා’ අරාබි විදුහල ද, වර්ෂ 1931 දී මහරගම ගෆූරිය්යා අරාබි විදුහල ද, වර්ෂ 1954 දී අට්ටාලච්චේන ‘ලංකා නැගෙනහිර අරාබි විදුහල ද, වර්ෂ 1955 දී කාත්තන්කුඩි අල් ෆලාහ් අරාබි විදුහල ද, වර්ෂ 1959 දී කාන්තාවන් සඳහා කල්එලිය මුස්ලිම් බාලිකා අරාබි විදහල ද ආරම්භ කරන ලදී.
අරාබි ඉස්ලාම් පාඨමාලාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඉතා මුල් කාලයේ සිටම ඇතුළත්ව තිබුණු පාඨමාලාවක් බව මෙහි දී ඉතා අවධාරණයෙන් සඳහන් කරනු ලැබීය. රාජ්‍ය මට්ටමින් පාසල්වල ද විශ්ව විද්‍යාල මට්ටමින් ද අරාබි භාෂාව ඇතුළු ඉස්ලාමීය පාඨමාලා එදා පටන් උගන්වනු ලැබීය. 1940 මුල් කාලයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අරාබි, ඉස්ලාම් සංස්කෘතිය යන අංශ පිහිටුවන ලදී.
පාසල් මට්ටමින් අරාබි හා ඉස්ලාම් පාඩම් ඉගැන්වීම සඳහා ගත වූ දසකය කාලයක් තිස්සේ මව්ලවි ගුරුපත් වීම් රජය විසින් පිරිනමන ලදී.
ඉස්ලාමයේ ඇති ප්‍රධාන මූලාශ්‍ර සියල්ල අරාබි බසින් තිබෙන බැවින් මද්රසා හෙවත් අරාබි පාසල් තුළ අරාබි භාෂාව හා වෙනත් ඉස්ලාමීය කලාවන් උගන්වන අතරම සිංහල, ඉංග්‍රීසි යන භාෂාවන් ද උගන්වනු ලැබේ. මද්රසා බොහෝමයක අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා සිසු දරුවන් සූදානම් කරනු ලැබේ.
රාජ්‍ය අනුමැතිය හිමි වූ පළමු අරාබි ඉස්ලාම් පාඨමාලාව මුල් කර ගනිමින් 2013 වර්ෂයේ සිට විභාග දෙකක් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබයි. ඒ අනුව රාජ්‍ය අනුමැතිය හිමි වූ පාඨමාලාව මුල් කර ගනිමින් මද්රසාවන් තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇත.
රටට, සමාජයට හා දහමට සේවය කරන සදාචාරසම්පන්න හා යහපත් ගතිපැවතුම් ඇති දේව ගැත්තන් හා දැහැමි පුරවැසියන් බිහි කිරීමේ මහඟු සේවාවක අරාබි මද්රසා නියැළී සිටියි. විශේෂයෙන් වර්තමානයේ ජාතීන් අතර පවතින් ගැටුම් කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන සමාජ යහපත හා සහජීවනය උදා කිරීමට අවශ්‍ය මග පෙන්වීම් මද්රසා සිසු දරුවන් සඳහා උගන්වනු ලබන බව තරයේ පවසා සිටින්නට කැමැත්තෙමු.
උක්ත මහා සමුළුවෙහි පහත සඳහන් තීන්දු තීරණ ගන්නා ලදී.
2019.06.19
මක්තබ් දහම් පාසල සම්බන්ධව බොදුබලසේනා සංවිධානයේ අසත්‍ය ප්‍රචාරය සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) තරයේ හෙළා දකියි
ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ළමුන්ට ආචාර ධර්ම සහ යහගුණ ප්‍රගුණ කරන මක්තබ් අධ්‍යාපනය ත්රස්තවාදයට සහ අන්තවාදයට සහය වන්නක් ලෙසින් බොදුබල සේනා සංවිධානය විසින් මාධ්‍යයට නිකුත් කළ ප්‍රචාරය සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) තරයේ හෙළා දකියි. සත්‍යට එරෙහිව මෙවැනි කටකථා පතුරවන්නන් විෂයයෙහි විමසිල්ලෙන් සිටින ලෙසද ලංකා වාසී සැමගෙන් අප සම්මේලනය ඉල්ලා සිටියි.
ලාංකික මුස්ලිම්වරුන්ට මෙරට වසර දහසකට අධික ඉතිහාසයක් ඇත. ඈත අතීතයේ පටන් මුස්ලිම් දරුවන්ට ආචාර ධර්ම උගන්වා ඔවුන්ව යහපත් පුරවැසියන් බවට පත් කරන අධ්‍යාපනය මුස්ලිම් පල්ලිවල ලබා දෙනු ලැබේ.
මෙවන් ඉතිහාසයක් ලද මස්ජිද් හරහා වූ ආගමික දැනුම හදාරවන ක්‍රමයක් මුස්ලිම් ආගමික කටයුතු දෙපරේතමේන්තුව විසින් 2010 වසරේදී හඳුන්වාදෙන ලදී. එම පාඨමාලාවට අනුව පෙළපොත් සම්පාදනය කර ඒ සඳහා වන නියාමන රීතීන් හඳුන්වා දී මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන එම ළදරු පාසැල් මක්තබ් යන නමින් ප්‍රතිසංස්කරණය කරන ලදී. එම මක්තබ් පාසැල් ඒ ඒ මස්ජිද්හි අධීක්ෂණය හා මාර්ගෝපදේශ යටතේ පවත්වන්නැයි සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) උපදෙස් කරමින් සිටියි.
මක්තබ් යන අරාබි වචනයෙහි අරුත ලියන හා ඉගෙනගන්නා ස්ථානය යනුයි. මත්කබ් පාසැල්වල සිදු වන්නේ ලිවීමට හා කියවීමට ඉගැන්වීම හෙයින් මෙම නාමය මේ ස්ථානවලට යොදා ඇත.
මක්තබ් සිසුන්ගෙන් මාසිකව අය කරනු ලබන මුදල මත්කබ් පාසැල්වල ගුරුවරුන්ට වැටුප් ගෙවීම සහ අධ්‍යාපනය හා සම්බන්ධ අනෙකුත් වියදම් සඳහා වැය කරනු ලැබේ. මෙම කටයුතු ඒ ඒ පල්ලිවල මක්තබ් සම්බන්ධ කටයුතු කිරීමේ වගකීම භාරව සිටින්නන් විසින් සිදු කරනු ලැබේ. ඊට පටහැණිව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයට (ACJU), එහි පරිපාලනයට හා කළමනාකරණයට භාවිත නොකරන බව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) වගකීමෙන් කියා සිටියි.
එනිසා සියවස් ගණනාවක් මෙහි පැවත එන කුඩා ළමුන්ගේ ආගමික අධ්‍යාපනය සම්බන්ධ මෙහෙයක් අසත්‍ය හා අමූලික ප්‍රචාර සිදු කිරීම මගින් ජාතිවාදි ද්වේෂය උසි ගන්වන්නට හා සාමය හා එකමුතුබව විනාශ කරන්නට කටයුතු නොකරන ලෙස අප සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.
අෂ් ෂේහ් මුර්ෂිද් මුලෆ්ෆර්
සහකාර ලේකම්
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයට (ACJU)
2019.06.08
මාධ්‍ය ප්‍රකාශය
පසුගිය ගිය සති කිහිපය අප රටට අතිශය ශෝචනීය කාල වකවානුවක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. මෙවන් නොසන්සුන් වාතාවරණයක පසුගිය ජූනි මස 6 වන දින ත්‍රයි නිකායන්ට අයත් අති පූජ්‍ය මහා සංඝ නායකයන් මාධ්‍ය හමුවක් කැඳවා මෙරටේ සියලූ ජනකොටස් සාමයෙන් එක්සත්ව කටයුතු කළ යුතුය යැයිද විශේෂයෙන් මුස්ලිම් ජනයා සමග තමන්ට කිසිඳු අහිතක් හෝ නොසතුටක් නොමැත යැයිද ඈත අතීතයේ පටන් මුස්ලිම් ප්‍රජාව සමග සිංහළ ජනයා වාසය කළේ සුහඳ මිත්‍රශීලී ආකල්පයෙන් බව පෙන්වා දෙමින් එය එසේම පැවතිය යුතුය යැයිද විශේෂ ප්‍රකාශයක් කර තිබීම ඉතා අගය කළ යුතු කරුණකි.
මෙලෙසින් අප රටේ සාමය හා ජනකොටස් අතර එකමුතුබව සඳහා මහා සංඝරත්නය ඉටු කර ඇති මෙහෙය හා ලබා දී ඇති දායකත්වය සුළුපටු නොවේ. එසේම අතීතයේ සේම වර්තමානයේත් රටේ අභිවෘධිය උදෙසා එක්සත්ව කටයුතු කරන්නට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්රජාවද මුස්ලිම් ආගමික ප්‍රධානීන්ද නිරන්තරයෙන්ම සුදානමින් සිටින බව මෙරටේ සියලූ ජනයාට මෙන්ම රජයටද පවසනු කැමැත්තෙමු.
ත්‍රස්තවාදය, අන්තවාදය හා ජාතිවාදය වැනි අපගේ රටට ව්‍යසනයක් විය හැකි හා රට අස්ථාවර කළ හැකි දුෂ්ට බලවේග කුමන වෙසකින් පැමිණියද ඒ සියල්ල පරාජය කිරීමට ශ්‍රී ලාංකිකයන් ලෙසින් සියලූ වෙනස්කම් පසෙකලා අප සැම එක හඬින් නැගී සිටිය යුතුය.
ජනකොටස් අතර අන්‍යෝන්‍ය වැටහීම සහ එක්සත් බව ඇති කර රටේ සාමය හා සමාදානය මෙන්ම අභිවෘධිය ඇති කරත්වා යැයි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.
වස්සලාම්
අෂ් ෂෙයික් එම්.එම්. මුර්ෂිද් මුලෆ්ෆර්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය
(All Ceylon Jamiyyathul Ulama)
2019.05.28 (1440.09.22)
රමළාන් උත්සවය සම්බන්ධ මගපෙන්වීම්
රටේ පවතින අසාමාන්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුනගේ සම්මේලනය (ජම්යියතුල් උලමා සම්මේලනය) ලාංකික මුස්ලිම් ජනයාට පහත උපදෙස් ඉදිරිපත් කරයි,
දයාව හා පරෝපකාරය උනන්දු කරන මෙම සුවිශේෂී මාසයේ අප සිදු කරන ආගමික් වතාවත් වන්දනා මාන හා දන්දීම සියල්ල අල්ලාහ් දෙවියන් පිළිගෙන ඒවායෙහි මහිමයෙන් රටේ ව්‍යාකූල තත්ත්වය ඉක්මනින්ම පහ වී නැවතත් අපගේ මාතෘභූමියට සතුට සැනසීම හා අභිවෘධිය ඇති කරත්වා.
වස්සලාම්
අෂ් ෂෙයික් එච්. උමර්දීන්
ලේකම්,
ප්රචාරක කමිටුව,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)
2019 මැයි මස 22
අනුස්මරණ දිනය සහ ඉදිරියට කළ යුතු දේ
2019 අප්‍රේල් මස 21 වන දින අප කිසිවෙකුට අමතක කළ නොහැකි දිනයකි. පල්ලිවල ආගමික වතාවත්වල යෙදී සිටි කතෝලික බැතිමතුන් හා හෝටල් කිහිපයක උදේ ආහාර ගනිමින් සිටි අහිංසකයන් සිය ගණනක් කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ඝාතනය වුයේ මෙම දිනයේය. මෙම අමානුෂික ඝාතන පෙළ සිදු කළ කුරිරු පුද්ගලයන් කිහිප දෙනා ‘මුස්ලිම්’ යැයි තමන්ව හඳුන්වා ගත් හෙයින් මෙය සම්බන්ධව, කවදත් සාමය අගයන ලාංකික මුස්ලිම් ප්‍රජාවට ඇති වුයේ දැඩි අසීරුතාවක් හා දැරිය නොහැකි කම්පාවකි. ඒ අනුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය නොහොත් ජම්යියතුල් උලමා සම්මේලනය ප්රමුඛ මුළු මහත් ලාංකික මුස්ලිම් ජනයා සිය සංවේගය හා කණගාටුව නැවතත් ප්‍රකාශ කර සිටිති.
අයි.එස්. ත්‍රස්ත කල්ලිය බිහි වු පසු 2014 වසරෙහි ලොව සියල්ලන්ටම ප්‍රථමයෙන් එය හෙළා දුටු ආගමික සංවිධානය වුයේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනයයි. එවක පටන් එම බිහිසුණු ත්‍රස්ත කල්ලියේ අමානුෂික ක්‍රියාකාරකම් විටින් විට දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් ඔවුන්ගේ ක්‍රියා සහ ඉස්ලාම් ධර්මයේ ඉගැනුම්වලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවද ඒ අනුව අයි.එස්. ත්රස්තවාදීන් මුස්ලිම් නොවේය යැයිද අප අවධාරණයෙන් ප්‍රකාශ කරමින් සිටියෙමු. මන්දයත් අන්තවාදය, ප්රචණ්ඩත්වය හෝ මරාගෙන මැරෙන ඇතුළු අන් සියලුම ආකාරවල ත්‍රස්ත ප්‍රහාරවලට කිසිසේත් ඉස්ලාමය අනුබල නොදෙන හෙයිනි.
වසර දහසකට අධික කාලයක් මුළුල්ලේ මුස්ලිම් ජනයා මෙරට බහුතර සිංහල සහෝදර සහෝදරියන් සමග සාමයෙන් හා එක්සත්ව වාසය කරමින් සිටින බව ප්‍රකට කරුණකි. අප්‍රේල් ප්‍රහාර මාලාවේ කම්පනය නිසා මුස්ලිම්වරුන් වශයෙන් සහෝදර ජනතාව අතර සබඳතාව වඩාත් ශක්තිමත් කිරීමටත් විවිධ ජනකොටස් සමග වඩාත් සමීප වීමටත් වූ අධිෂ්ඨානය තර වී ඇත. ජාතීන් අතර වන මෙම සංහිඳියාව තවතවත් ශක්තිමත් කරන්නට මුස්ලිම් අප සැම විශේෂයෙන් කැපවීමකින් කටයුතු කළ යුතු අවදිය මෙයයි. ඒ අනුව පහත කරුණු ගැන සැළකිලිමත් වන මෙන් ලංකාවාසී මුස්ලිම්වරුන්ගෙන් සහ මස්ජිද්වල භාරකරුවන්ගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.
එමෙන්ම ප්‍රහාර නිසා හානියට හා දුකට පත්ව සිටින සියළුම පවුල් වෙනුවෙන්ද අපගේ මව්බිමේ පවතින ව්‍යාකූලතා සියල්ල පහ වී නැවතත් සාමයේ හා අභිවෘධියේ මාවතේ ලක්මව ගමන් කරවිය යුතු යැයි ද නිතිපතා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
ගරු මුෆ්ති එම්.අයි. එම්. රිස්වි ගරු අෂ් ෂෙයික් අගාර් මොහමඩ්
සභාපති, නියෝජ්‍ය සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU) සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)