ACJU/MED/2020/008
10.07.2020 (18.11.1441)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවට එරෙහිව කරන ලද ව්‍යාජ චෝදනා ප්‍රතික්ෂේප කිරීම
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි (ACJU) ප්‍රතිරූපය අපකීර්තියට පත් කිරීම සඳහා සාවද්‍ය තොරතුරු ප්රචාරක ව්‍යාපාරයක් මේ වන විට සිදු වෙමින් පවතින බව වර්තමානයේ මාධ්‍යවල පළ වන වාර්තා අප සභාවේ අවධානයට ලක් වී තිබේ.
මෙමගින් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ තවත් කරුණු කිහිපයක් සමඟ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) වැරදි ලෙස සම්බන්ධ කරමින් මහජනතාව නොමඟ යවන තොරතුරු හිතාමතාම පතුරුවා හරිමින් ඔවුන්ගේ හැඟීම් ඇවිස්සවීමේ කාර්යයක නිරත වෙමින් පවති.
එවැනි වගකීම් විරහිත හැසිරීම් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) දැඩි ලෙස හෙළා දකින අතර වැරදි තොරතුරු පතුරුවා හැරීමේ වංක ක්‍රියාකාරකම්වල යෙදෙන මෙවැනි ව්‍යාපාර පිළිබඳව ප්‍රවේශම් වන ලෙස අප සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)
2020.07.06
16.11.1441
සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත
පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කනස්සල්ල පළ කරයි. මෙවන් සිදුවීම් අදාළ පාර්ශවකරුවන් සමග සුහදව විසදා ගැනීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ.
මෙම සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බව ප්‍රචාරයන් පැතිරෙමින් තිබෙයි. මෙය සහමුලින්ම අසත්‍යය ප්‍රචාරයක් බව රටේ ජනතාවට අප සභාව වගකීමෙන් යුතුව දන්වා සිටියි.
මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන මෙන් ද, අප සභාව පිළිබඳ ප්රවෘත්ති පළ වූ විට ඒවා www.acju.lk යන නිල වෙබ් අඩවිය තුළින් සනාථ කර ගන්නා මෙන් ද, අප සභාව රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටියි.
අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
ACJU/MED/2020/005
23.05.2020 / 29.09.1441
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ රමළාන් උත්සව පණිවි
ඩයකෝවිඩ්-19 වසංගතය පවතින අර්බුදකාරි තත්ත්වයක පුරා මාසයක් උපවාසශිලයේ හා යහක්රියාවන් වල යෙදී අද දින රමළාන් උත්සවය සමරන මුස්ලිම් ජනයාට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ රමළාන් උත්සව සුබපැතුම දන්වා සිටියි. තවද අප යෙදුනු උපවාසශීලය ඇතුලූ සියලූ යහකි‍්‍රයා අල්ලාහ් පිළිගනිත්වා යැයිද ප්‍රාර්ථනා කරමු.
කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ පියවර ලෙසින් ආරක්ෂක හා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව තිබෙන හෙයින්, පසුගිය වසරවල මෙන් නොව මෙවර අප රමළාන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් සමරමු. තවද එම නිර්දේශවලට අනුව අප මෙවර සැමරීම අපගේ නිවසට පමණක් සීමා කරමු. එමෙන්ම අප රට ඇතුලූ මුළු ලොවටම ඇති වී තිබෙන මෙම ව්‍යසනය ඉවත් වන මෙන්ද අප සැම මෙම උවදුරෙන් ආරක්ෂා කරන මෙන්ද සර්වබලධාරී අල්ලාහ්ගෙන් අප අයැද සිටිමු. මෙම ව්‍යසනය ලොවින් තුරන් කරන්නට අප සැම එක්ව හා සහයෝගයෙන් මෙන්ම තිර අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නට අවශ්‍ය ඉවසීම හා චිත්ත ධෛර්යය අපට ලබා දී ආශීර්වාද කරන මෙන් ලාංකික මුස්ලිම් අප සැම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.
මෙම උතුම් දිනයේ ඉස්ලාමීය මගපෙන්වීම් නිසි අයුරින් අනුගමනය කරමින් මුළු ලොවම හා අප මාතෘභුමිය මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට අප සියල්ලන්ම සර්වබලධාරි අල්ලාහ්ගෙන් අයැද සිටිමු.
එමෙන්ම මෙම දුර්භීක්ෂයෙන් අපගේ දේශය ගලවා ගැනීමට අව්, වැසි, දිවා, රාති‍්‍ර නොබලා කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය නිළධාරීන්, සෞඛ්‍ය අංශයේ නිළධාරීන්ට ද පොලිස් නිළධාරීන් හා ති‍්‍රවිද හමුදාවට ද අපගේ හෘදයාංගම ස්තූතිය මෙම රමළාන් උත්සව දිනයෙහි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රකාශ කර සිටියි.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
ACJU/MED/2020/004
22.05.2020 / 28.09.1441
මාලිගාවත්ත සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හෙළා දැකීම
කොවිඩ්-19 ආසාදන ව්‍යාප්තියෙන් මහජන ආරක්ෂාව සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. රටේ සෞඛ්‍ය අමාත්‍යංශය, ආරක්ෂක අංශය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පෙරදීම නිකුත් කොට ඇති මගපෙන්වීම් අනුගමනය නොකොට ඊයේ දිනයේ (21.05.2020 / 27.09.1441) ඇති වූ සිදුවීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව තරයේ හෙළා දකියි.
මෙම සිදුවීමෙන් මියගිය අයට උසස් ස්වර්ගය හිමි විය යුතු හා තුවාලකරුවන් වහාම සුවය ලැබිය යුතු යැයි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සර්ව බලධාරී අල්ලාහ්ගෙන් අයැද සිටියි. දුගී දුප්පත් ජනයාට ආධාර සහ සහන ලබාදීමේ කටයුතු සඳහා අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඇතිව නිසි නීතීන් අනුගමනය කරමින් කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පෙරදීම උපදෙස් දී ඇති හෙයින් මෙවැනි සිදුවීම් ඇති වී තිබීම දැඩි කනස්සල්ලට හේතුවකි.
ඉතා අසීරු වතාවරණයක් තුළ දුප්පතුන්ට උපකාර කිරීම පිළිබඳව කිසිවෙකුටත් කිසිඳු මතභේදයක් තිබිය නොහැක. නමුත්, එවැනි ආධාර සහ සහන ලබාදීම් සිදු කිරීමේදී රටේ නීතිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කළ යුතුය.
මෙලෙස ආධාර සහ සහන ලබාදීමේ කටයුතුවල නියැලෙන්නන් රජයේ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නැවත වරක් කරුණාවෙන් ඉල්ලා සිටියි.
වස්සලාම්.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
ACJU/MED/2020/003
19.05.2020
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ශෝක පණිවිඩය
ආචාර්ය එම්.ඒ.එම්.ෂුක්රි මැතිතුමාගේ අභාවය පිළිබඳ පුවත අපව බලවත් ශෝකයට පත් කරයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම උගතුන්ගෙන් එක් අයෙකු සහ බෙරුවෙල හි ජාමිආ නාලීමියා විශ්ව විද්‍යාලයෙහි අධ්යක්ෂකයෙකු වන ආචාර්ය එම්.ඒ.එම්.ෂුක්රි මැතිතුමන් අද දින (2020.05.19) අභාවයට පත් වූහ. ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්. එතුමන්ගේ අභාවය ශ්‍රී ලංකා ජනතාවට අත් වූ විශාල පාඩුවකි.
සිය ජීවිතය අධ්‍යාපනයට හා දහමට කැප කළ එතුමන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සමඟ යහ සම්බන්ධතා පවත්වමින් පැමිණියහ. අවශ්‍ය විටෙක සුදුසු උපදෙස් ලබාදීමට ද එතුමන් පසුබට නොවීය. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් පැවැත් වූ සම්මන්ත්රණ බොහෝමයක කථිකයෙකු වශයෙන් සහභාගී වී වර්ණවත් කළහ.
ග්රන්ථ කිහිපයක කතෘවරයකු වන ඔහු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක කථිකාචාර්ය වරයෙකු ද විය. සිසුන් දහස් ගණනක ගුරුවරයෙකු වූ අතර මධ්‍යස්ථ ආකල්පයකින් කටයුතු කළ අයෙකි සහ ආගමික විද්වතුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවෙකි.
ජාමිආ නාලීමියා විශ්ව විද්‍යාලය සමඟ එක් ව කටයුතු කළ එතුමන් අවසානය දක්වා අධ්‍යාපනය වෙනුවෙන්ම තම ජීවිතයම කැප කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විද්වතුන් මෙලොවට බිහි කළ ආඩම්භරය එතුමන්ට හිමි වේ.
සර්ව බලධාරී අල්ලාහ්, ඔහුගේ යහපත් ක්‍රියා පිළිගෙන, සියලු වැරදි හඳුනා ගනිමින් යහපත් ගැත්තන් සමග එක්කාසු කරත්වා, ඔහුගේ පවුලේ උදවියට හා ඔහුගේ සියලු සිසුන්ට සැනසීම සහ යහකුසල් හිමි කරත්වා!
ආමීන්.
අෂ් ෂෙයික් එම්. එම්. ඒ. මුබාරක්
මහා ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
ACJU/MED/2020/002
2020.05.18
රමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධ මාර්ගෝපදේශ
කෝවිඩ්-19 ව්‍යසනයේ පැතිරීමත් සමගම රමළාන් මාසයේ වැඩි දින සංඛ්‍යාවක් අප උපවාස ශිලයේ යෙදී අවසාන දින කිහිපයට අවතීර්ණ වී සිටින්නෙමු. වර්තමානයේ මුළු ලොවටම ඇතිව තිබෙන ව්‍යසනයෙන් ලොවැසි සියල්ලන්වම ගලවා ගන්නා මෙන් මෙම ශුද්ධ වූ මාසයේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන අතර මෙම අසිරිමත් මාසයේ අවසාන දින කිහිපයෙහි පහත මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන් ද සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සැමගෙන් ඉල්ලා සිටියි;
රමළාන් මස අවසන් දින කිහිපය සම්බන්ධව:
ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධව:
සර්ව බලධාරී අල්ලාහ්, අපගේ උපවාසශීලය ඇතුලූ සියලූ යහකි‍්‍රයා පිළිගනු මැනව. මෙම වසංගතයෙන් ලොවැසි සියල්ලන්ව ආරක්ෂා කරත්වා. ආමීන් !
වස්සලාම්,
අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික් විද්වතුන්ගේ සභාව
සැ:යු : ඉහත මාර්ගෝපදේශ සුදුසු වේලාවකට අදාන් ඇරයුමට පසු මස්ජිදයේ ශබ්ද විකාශනය හරහා ප්‍රදේශවාසීන්ගේ දැන ගැනීම පිණිස ප්‍රකාශ කිරීමට පියවර ගන්නා මෙන් මස්ජිද්වල පරිපාලනයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මෙම මගපෙන්වීම් කි‍්‍රයාත්මක කිරීමට සහයෝගය ලබා දෙන මෙන් සැමගෙන්ම ඉල්ලා සිටිමු.
2020/05/10
මාධ්‍ය ප්‍රකාශය
මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයකි
පසුගිය අප්‍රේල් මස 15 වන දින www.colombotoday.com වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබූ ප්රවෘත්ති වාර්තාව, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ (ACJU) අවධානයට යොමු කළෙමු. ‘කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ (අළු) භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි අප සභාපති මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය වාර්තාවකි.
මන්දයත්, මිනිසෙකු මරණයට පත් වීමෙන් අනතුරුව භූමදානය කළ යුතු යැයි ඉස්ලාමය තුළින් අවධාරණය කරයි. ඒ අනුව මුස්ලිම්වරයෙකු මිය ගිය විට; එම දේහය සේදීම, කෆන් හෙවත් රෙද්දකින් ආවරණය කිරීම, මරණය සදහා වූ නැමදුම ඉටු කිරීම සහ භූමදාන කිරීම යනාදී කරුණු ජීවතුන් අතර සිටින්නන්ට නියම වන්නේය.
මළවුන් පුළුස්සා දැමීම හෝ ආදාහනය කිරීම ඉස්ලාමයේ තහනම් කර ඇති අතර මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. නමුත් වර්තමානයේ අප මුහුණ දෙමින් තිබෙන ආකාරයේ අසාමාන්‍ය තත්ත්වයකදී, විශේෂයෙන් ඉස්ලාමය ප්‍රායෝගික දහමක් වීම නිසා ප්‍රතික්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අපට මඟ පෙන්වනු ලැබ ඇත. අවදානම් අවස්ථාවන්හිදී හෝ බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපයක් ලෙස නොසැලකේ.
නමුත් ඉහත වෙබ් අඩවිය එම වාර්තාව පළ කිරීමට උපුටා ගත් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී අප සභාපති වරයා මුස්ලිම් ප්‍රජාවට ලබා දුන් මඟපෙන්වීම වූයේ අසාමාන්‍ය හෝ බලහත්කාර තත්ත්වයකදී මුස්ලිම්වරයෙකු ප්‍රතිචාර දැක්විය යුතු හෝ හැසිරිය යුතු ආකාරයයි. කිසිම අවස්ථාවක එය සාමාන්‍ය තත්ත්වයකදී සිදුකළ යුතු දෙයක් ලෙස අප අර්ථකථනය නොකළ යුතුය. මුළු ලෝකයම අර්බුදයකට හා අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ, රටේ වගකිවයුතු පුරවැසියෙකු සහ ප්‍රජා නායකයෙකු වශයෙන් ඉවසීම හා සන්සුන් භාවය කරා ජනතාව මෙහෙයවීමට එතුමන් උපරිම උත්සාහයක් ගෙන තිබේ. කිසිම අවස්ථාවක අපගේ ක්‍රියාවන් හා ප්‍රවේශය ජනතාව අතර ප්රචණ්ඩත්වයක් හා කැලඹීමක් ඇති කර රටේ නීතියට පටහැනි නොවිය යුතුය යැයි එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් මුස්ලිම් ප්‍රජාවට උපදෙස් දුන් අතර එහිදී එතුමන් ලාංකීය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිකයින් යන සියලු දෙනාම භූමදානය කිරීම සදහා රජයේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරනු ලැබේ යනුවෙන්ද ප්‍රකාශ කළහ.
එහිදී එතුමන් මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත බව ප්‍රකාශ කළා යැයි වෙනත් ආකාරයකින් අර්ථකථනය කිරීම ඉතා අසත්‍ය බව දන්වන්නට කැමැත්තෙමු.
මාධ්‍ය අංශය,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)