2019.02.01
අපගේ මව් රට වන ශ්‍රී ලංකාව 71 වැනි නිදහස් දිනය පෙරදැරි කර ගනිමින් සුභපැතුම් පණිවිඩයක් දැනුම් දීමෙහි සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනයේ ඉමහත් සතුටට පත් වෙයි.
අප මව් රටට මේ නිදහස ලබා දුන් බෞද්ධ, හින්දු, මුස්ලිම්, කිතුනු නායකයින් එක්ව ජාති, ආගම්, භේදවලට එහායින් ගොස් ඇප කැපවී එකමුුතු ව ක්‍රියා කළහ. මෙසේ ක්‍රියා කළ ශ්‍රේෂ්ඨයින් අපගේ නිදහස් දින වැඩසටහන් තුළ මෙනෙහි කරනු ලැබීම අනිවාර්යය කරුණකි.
එමෙන්ම අපගේ මුතුන් මිත්තන් ජාති, ආගම් භේද නොතකා රටේ නිදහස වෙනුවෙන් අරගල කළාක් මෙන්ම අප ද ජාති ආගම් හා දේශපාලනයට එහායින් ගොස් මව් රටේ දියුණුව උදෙසා කැප වන්නට ඉදිරිපත් විය යුතු යැයි සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන් මුස්ලිම්වරු, රටේ නිදහස වෙනුවෙන් සටන් කළ අපගේ මුතුන් මිත්තන් වන ටී.බී ජායා, සර් රාසික් ෆරීඩ් වැනි උත්තමයන් ආදර්ශයට ගෙන කටයුතු කොට, දේශය වෙනුවෙන් කැපවන දේශප්‍රේමීන් බවට තමන් හැඩගස්වාගත යුතු යැයි ද අප සම්මේලනය අපේක්ෂා කරයි.
බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි යන බහු ආගමිකයින් ජීවත් වන මෙරට කවදත් සමෘද්ධිමත් හා සංවර්දිත රටක් ලෙස වැජඹිය යුතුයි යන්න අපගේ අපේක්ෂාව හා පැතුමයි. රටක සමෘද්ධිය හා සෞභාග්‍යය එරටේ ජනතාවගේ එකමුතුකම හා දේශ ප්රේමත්වයෙහි රැඳී පවතින බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය මතක් කර දෙයි.
එබැවින් මෙරටේ ඒකීයත්වය හා එකමුතුකම නගා සිටුවන්නට එකිනෙකා අනෙකාට ඉඩ දී සියලු ජාතීන් එක මවකගේ දරුවන් මෙන් ජීවත් වන්නට සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලය සුබ පතයි. එමෙන්ම අප රට සියලු සම්පත්වලින් පිරුණු එක්සත් ලංකාවක් ලෙස වැජඹෙන්නට ප්‍රාර්ථනා කරයි.
එම්. එම්. ඒ. මුබාරක්.
ලේකම්
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය.
29.01.2019 / 22.05.1440
ජාතීන් අතර පවතින බහුත්වය එදා පටන් පැවත එන්නකි. ආගම් අතර පවතින බහුත්වය ද යථාර්ථයකි. සෑම ආගමක්ම මෙම සත්‍යය මුළුමණින්ම පිළිගනියි. අන් දහමකට නිගරු කිරීම හෝ හිංසා කිරීම හෝ කිසිවිටෙක කිසිම දහමක් පිළිගන්නේ නැත.
අන් දහමකට අපහාස කිරීමත් අන් ආගමික සහෝදරයින්ගේ හැඟීම් අවුස්සන අයුරින් ක්‍රියා කිරීමත් ඉස්ලාමය තරයේ හෙළා දකියි. අල්ලාහ් හැර ඔවුන් අයැදින දෑට නුඹලා බැණ නොවදින්න” (06:108) යනුවෙන් ශුද්ධ වූ අල් කුර් ආනය මඟ පෙන්වයි. අන් ආගමිකයින් අදහන කිසිවකට බැණ වැදීම හෙළා දකින ඉස්ලාමය, අන් ආගමකට අපහාස වන අයුරින් හෝ අන් ආගමික හැඟීම් ඇවිස්සෙන අයුරින් ක්‍රියා කිරීමට කිසිවිටෙක අනුබල දෙන්නේ නැති බව ඉතා පැහැදිළි කරුණකි.
ඉතිහාසය පුරාවටම ලාංකීය මුස්ලිම් ප්‍රජාව අනෙකුත් ප්‍රජාවන් සමඟ සාමයෙන් ජීවත් වී රටේ සංවර්ධනය උදෙසා නන්අයුරින් දායකත්වය පිරිනැමූ ප්‍රජාවක් ලෙස පැවත එයි. ඒ අනුව ආගමේ නාමයෙන් හෝ ජාතියේ නාමයෙන් හෝ අන් ආගමක් අපහාසයට පත් කරන කිසිදු ක්‍රියාදාමයක් හෝ නීතීය උල්ලංඝණය වන පරිදි කිසිදු ක්‍රියාමාර්ගයක් මුස්ලිම් ප්‍රජාව කිසිවිටෙක පිළිගන්නේ නැත. එමෙන්ම ඉස්ලාමයේ නාමයෙන් සිදුවන කවර අන්තවාදී හා ආගමක් අපහාසයට ලක් වන ක්‍රියාදාමයක් වුවද එය සමස්ත මුස්ලිම් ප්‍රජාවම තරයේ හෙළා දකියි.
මෑතකදී බොද්ධාගමික සහෝදරයන්ගේ හැඟීම් ඇවිස්සෙන පරිදි ඇතැම් අක්‍රමිකතා සිදුවූ බවට වාර්තා වෙයි. සැක පිට ඇතැමුන් සිරභාරයට ගෙන ඇත. විමර්ශනයෙන් පසු වැරදිකරුවන් කවුරුන් වුව ද ඔවුන් නීතිය ඉදිරියට ගෙනැවිත් නිසි දඬුවම් පිරිනැමිය යුතුය. එමෙන්ම රටේ ජාතීන් අතර සාමය හා සමාදානය උදා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. විශේෂයෙන් තරුණ ප්‍රජාවට දැහැමි අයුරින් මඟ පෙන්වන ක්‍රියා දාමයන් රට පුරා ආගමික ස්ථාන ඇතුළුව වෙනත් සමාජ ආයතන හරහා ක්‍රියාත්මක කළ යුතුයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නිල වාර්තාවක් රජය විසින් නිකුත් කර නොමැති තත්ත්වයක මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් සිටින අනුමාන, කට කතා, පදනම් විරහිත පුවත් සමාජගත වන බැවින් ප්‍රජාවන් අතර එකමුතුකම හා සහජීවනය පළුදු විය හැකි යැයි මුස්ලිම් ප්‍රජාව බිය වෙයි. එබැවින් මාධ්‍ය ආයතන මාධ්‍ය ආචාරධර්මයන් පිළිපදිමින් රටේ සමගිය හා එකමුතුකම ආරක්ෂාවන පරිදි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ඉල්ලා සිටින්නෙමු.
එමෙන්ම අන්තවාදී ආගමික ක්‍රියාදාමවල නිරත වන්නන් සෑම දහමකම සිටින බව මෑත කාලයේ රට තුළ සිදුවූ ඇතැම් සිදුවීම් තුළින් පැහැදිලි වෙයි. විටින් විට රට තුළ අන් ආගම් අපහාසයට ලක් වන අයුරින් හා අන් ආගමිකයින්ගේ ජීවිත හා දේපළ විනාශ වන අයුරින් ඇතැමුන් නිතරවීම ඉතා කණගටුවට කරුණකි. පසුගිය කාලවල සිදුවූ පිළිකුල් සහගත ක්‍රියා මෙය කදිමට පෙන්වා දෙයි. මෙවන් ප්රචණ්ඩ සංස්කෘතියක් රට තුළ දිගටම ක්‍රියාත්මක වන්නේ නම් වසර ගණනාවක් තිස්සේ අප සියලු දෙනා එක්ව ගොඩ නැගූ අපගේ මව් රටේ අනාගතයට අභියෝගයක් වීමේ කනගාටුදායක තත්ත්වයක් උදාවනු ඇත.
එබැවින් කවර දහමකට අයත් කෙනෙකු මෙවන් ක්‍රියාදාමයක නිරත වුවද කිසිදු වෙනසකින් තොරව නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබා දී රටේ එක්සේසත්කම හා ආරක්ෂාව රජය විසින් තහවුරු කළ යුතුයි. එමෙන්ම ප්රචණ්ඩත්වය හා ආගමික ආපහාසය වෙත ගෙන යන අන්තවාදී අදහස් මැඩලීම සම්බන්ධයෙන් රජයේ කාර්යභාරය අතිමහත් බව මෙහිදී පෙන්වා දීමට කැමැත්තෙමු.
කවර දහමකට අයත් පුද්ගලයකු වුවද ඔහුගේ කටයුතුවල එවැනි සළකුණු දක්නට ලැබේ නම්, කල් ඇතිව යථාර්ථය සොයගන්නා බුද්ධි අංශය, නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසිය, සැමට ආරක්ෂාව සලසන ත්‍රිවිධ හමුදාව, නීතිය ක්‍රියාත්මක කරන අධිකරණය යන රටේ සාමයට වගකිව යුතු සියලු සැළසුම් සකසා දුන් රජය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු යැයි ඉල්ලා සිටින්නෙමු.
මාධ්‍ය වාර් තාව
26.12.2018
බුදු පිළිමයට හානි කිරීම සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි
දින කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ ආගම අපහාසයට ලක් කිරීමේ ක්‍රියාදාමය සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි.
මෙරටේ ජීවත් වන බහුතර බෞද්ධ ජනතාවගේ වන්දනාවට ලක්ව පවතින බුද්ධ ප්‍රතිමාවට හානි කිරීම ජාතීන් අතර පවතින සහජීවනය හා අවබෝධය පළුදු කරන ක්‍රියාදාමයක් ලෙස සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය දකියි. මෙලෙස ප්‍රතිමා විනාශ කිරීම හෝ ඒවා අපහාසයට ලක් කිරීම ඉස්ලාමීය ඉගැන්වීම නොවන බව තරයේ පවසා සිටින්නට කැමත්තෙමු.
බෞද්ධ ජනතාව බහුතරයක් ලෙස ජීවත් වන මෙරටේ මුස්ලිම් හින්දු හා කිතුනු යන සියලු ජනයා භේදයකින් තොරව එකට එක්ව අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව තමතමන්ගේ ආගමික ඉගැන්වීම් පිළිපදිමින් ජීවත්ව එන පසුබිමක මෙවැනි ක්‍රියාදාමයන් අනවශ්‍ය ගැටලු ඇති වීමට හේතුවක් වනු ඇත.
එහෙයින් මෙම කටයුත්ත කවර කෙනෙකු විසින් සිදු කර තිබුණද ඔවුන් නීතිය හමුවේ ගෙනැවිත් ඔවුනට නිසි තීන්දුවක් නිසිලෙස ලබා දී මෙවැනි ක්‍රියාදාමයන් ඉදිරියට සිදු නොවන්නට සුදුසු ක්‍රියාමාර් ග ගන්නා මෙන් ද මෙය හේතුවක් කර ගනිමින් ප්රචණ්ඩත්වය ඇවිළීම වළක්වන මෙන් ද ගරු ජනාධිපතිතුමාගෙන් ද, අගමැති තුමාගෙන්ද, පොලිස්පති තුමා ගෙන්ද සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය ඉල්ලා සිටියි.
අෂ්-ෂෙයික් එම්.එම්. අහ්මද් මුබාරක්
ලේකම්
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය
මාධ්‍ය වාර් තාව
26.12.2018
බුදු පිළිමයට හානි කිරීම සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි
දින කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ ආගම අපහාසයට ලක් කිරීමේ ක්‍රියාදාමය සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි.
මෙරටේ ජීවත් වන බහුතර බෞද්ධ ජනතාවගේ වන්දනාවට ලක්ව පවතින බුද්ධ ප්‍රතිමාවට හානි කිරීම ජාතීන් අතර පවතින සහජීවනය හා අවබෝධය පළුදු කරන ක්‍රියාදාමයක් ලෙස සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය දකියි. මෙලෙස ප්‍රතිමා විනාශ කිරීම හෝ ඒවා අපහාසයට ලක් කිරීම ඉස්ලාමීය ඉගැන්වීම නොවන බව තරයේ පවසා සිටින්නට කැමත්තෙමු.
බෞද්ධ ජනතාව බහුතරයක් ලෙස ජීවත් වන මෙරටේ මුස්ලිම් හින්දු හා කිතුනු යන සියලු ජනයා භේදයකින් තොරව එකට එක්ව අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව තමතමන්ගේ ආගමික ඉගැන්වීම් පිළිපදිමින් ජීවත්ව එන පසුබිමක මෙවැනි ක්‍රියාදාමයන් අනවශ්‍ය ගැටලු ඇති වීමට හේතුවක් වනු ඇත.
එහෙයින් මෙම කටයුත්ත කවර කෙනෙකු විසින් සිදු කර තිබුණද ඔවුන් නීතිය හමුවේ ගෙනැවිත් ඔවුනට නිසි තීන්දුවක් නිසිලෙස ලබා දී මෙවැනි ක්‍රියාදාමයන් ඉදිරියට සිදු නොවන්නට සුදුසු ක්‍රියාමාර් ග ගන්නා මෙන් ද මෙය හේතුවක් කර ගනිමින් ප්රචණ්ඩත්වය ඇවිළීම වළක්වන මෙන් ද ගරු ජනාධිපතිතුමාගෙන් ද, අගමැති තුමාගෙන්ද, පොලිස්පති තුමා ගෙන්ද සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය ඉල්ලා සිටියි.
අෂ්-ෂෙයික් එම්.එම්. අහ්මද් මුබාරක්
ලේකම්
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය
2018.03.22
ප්රශ්නයන් ඇති වන සෑම විටකම මුස්ලිම්වරුන් වන අප ශුද්ධ වූ අල් කුර්ආනය, නබිතුමන්ගේ වැකි වලට අනුව හා එතුමන්ගේ සත්‍ය සහගාමීන්ගේ ආදර්ශයන් මගින් නිසි අවබෝධය ලබා ගෙන කටයුතු කිරීම ඔස්සේ එම ප්‍රශ්නවලට පිළියම් සොයා ගැනීමට හැකි වේ යනුවෙන් සෑම මුස්ලිම්වරයෙකුම තම සිත තුල පතිත කර ගත යුතු වේ.
විවිධාකාර ජාතීන් හා ආගමිකයන් අතර ජීවත්වන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සාමුහික සහජීවනය පවත්වාගෙන සුහදත්වයෙන් කටයුතු කර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. මෙම අකාරයට ඉදිරයේදී ද කටයුතු කළ යුතුයි යනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයන් පරිහරණය කරන විට අප ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුය. පසු ගිය දිනයන්හි නුවර ප්‍රදේශයේ සිදු වූ කෝලාහලකම් නිසා සහ්රාන් මව්ලවි නැමැත්තා විසින් අනෙකුත් ආගමිකයන්ට අපහාස කර ශුද්ධ වු අල් කුර්ආන් වැකියන් හුවා දක්වා ඉතා ඉක්මනින්ම යුද්ධයකට ජනතාව සුදානම් වන්න යනුවෙන් පවසා ඇති වීඩියෝ පටය සමාජ මාධ්‍යයන් තුළ දැක ගැනීමට හැකිය. මෙම පුද්ගලයාගේ මෙම කලහකාරී ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය තරයේ හෙළා දකියි. මෙවන් ප්‍රශ්නසහගත අවස්ථාවන්වලදී සුළුතරයක් වූ මුස්ලිම්වරුන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව ඉස්ලාමීය විද්වතුන් විසින් ඉස්ලාමීය නිවැරදි මග පෙන්වීම් අපට ලබා දී ඇත.
ප්‍රශ්න සහගත අවස්ථාවන් වලදි මෙවැනි විඩියෝ පට අපගේ සමාජය වැරදි මාර්ගයට යොමු කරාවි. එම නිසා ප්‍රශ්න සහගත අවස්ථාවන් වලදී රටේ නීතියට ගරු කරමින් තමන්ව හා තමාගේ දේපළ ආරක්ෂා කර ගැනීමට ආත්ම ආරක්ෂාව තහවුරු කර ගැනීම අප සියලු දෙනාගේම වගකීම වේ.
ප්රචන්ඩත්වය හා ප්‍රශ්නයන්ව දැඩිව හෙළා දකින ඉස්ලාමය අනෙකුත් ආගමිකයන් සමග කටයුතු කළ යුතු ආකාරය ද පෙන්වා දී ඇත. එලෙසම ජීහාද් පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එම නිසා මෙවැනි වීඩියෝ පට හා ප්‍රචාරයන් අපව තව තවත් අනවශ්‍ය කෝලාහලකම් වලට මං පාදන නිසා එවැනි දේවල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී ක්‍රියා කරන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය ඉල්ලා සිටියි.
අෂ්-ෂේක් එච්. උමර්දීන්
ලේකම් (ප්රචාරක කමිටුව)
සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංගමය
06.03.2018 (17.06.1439)
පසුගිය 2018 මාර්තු 3 වන දින මහනුවර ආසන්නයේ දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වුනු කලහකාරී තත්ත්වය නිසා ජීවිත මෙන්ම මුස්ලිම්වරුන්ට අයත් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ ද විනාශ කරන ලද ආකාරය අප කවුරුත් දනිමු.
මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට මුස්ලිම් ආගමික ප්‍රධානීන් හැකි සෑම උත්සාහයක් ගනිමින් සිටිති. තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා මෙන්ම එය දිවයිනේ අන් තැන්වලටත් පැතිරීම වළක්වන්නට කටයුතු කරන මෙන් රජයෙන් ද අදාළ වගකිව යුතු බලධාරීන් හා දේශපාලන නායකයන්ගෙන් ද අප සංගමය ඉල්ලා සිටින අතර ඒ අනුව අදාළ විවිධ පාර්ශව මෙය සම්බන්ධ ප්රයත්න වල යෙදෙමින් සිටිති.
අප සංගමයේ සාමාජිකයින් පෙර දින ගරු අග්‍රාමාත්‍යවරයා හමු වී තත්ත්වය ගැන සාකච්ඡා කළ අතර ජම්ඉයියතුල් උලමා මහනුවර ශාඛාව හරහා එම ප්‍රදේශයේ හානියට ලක් වුවන් හමු වී අවශ්‍ය මග පෙන්වීම් හා සහාය ලබා දීමට ද කටයුතු කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රමූඛ පුද්ගලයන් සමග එක්ව අප සංවිධානයේ සාමාජිකයන් ප්රචණ්ඩත්වයන් ඇති වුනු පෙදෙස්වලට ගොස් තත්ත්වය සියැසින් දැක බලා ගෙන අවශ්‍ය උදව් උපකාර ලබා දීමට පියවර ගනිමින් සිටිති. තත්ත්වය යහපත් අතට හරවන මෙන් ප්‍රාර්ථනා කරන මෙන් මුස්ලිම් ප්‍රජාව ඇතුළු පොදු ජනයාගෙන් අප සංගමය ඉල්ලා සිටියි.
තත්ත්වය තවත් අයහපත් අතට පෙරළිය හැකි හෝ රටේ අන් තැන්වලත් නොසන්සුන්කාරී තත්ත්වයන් උද්ගත විය හැකි ආකාරයේ ක්‍රියාවන්වල නොයෙදීමට අප කවුරුත් වගබලා ගත යුතුය. අප කවදත් යොමු විය යුත්තේ අල්ලාහ් දෙසට හා ඔහුගේ උදව් දෙසටය. එමෙන්ම ඇති වී තිබෙන හානිය නිසි පරිදි ලේඛන ගත කොට නීතිමය පියවර ගැනීමට හානියට පත් වූවන් ක්‍රියා කළ යුතුය. ඒ හැර නීතිය අතට ගැනීමට මුස්ලිම්වරුන් උත්සාහ නොකළ යුතුය. තමතමන්ගේ පෙදෙස්වල මෙන්ම පුද්ගලික ආත්මාරක්ෂාව ගැන ද විමසිල්ලෙන් සිටිය යුතුය. මෙම කාරණාවෙහි ඒ ඒ ගම්, නගරවල ප්‍රජාව ද මුස්ලිම් ප්‍රජා නායකයන් හා ආගමික ප්‍රධානීන් ද අදාළ පෙදෙස්වල ජම්ඉයියතුල් උලමා ශාඛාවේ ආගමික වියතුන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කරන මෙන් අප සංගමය ඉල්ලා සිටියි.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය සමතයකට පත් කිරීමට විවිධ වෑයම්වල යෙදී සිටින ජන නායකයන් හා ආගමික ප්‍රධානීන් සම්බන්ධ විවේචනාත්මකව අදහස් දැක්වීමෙන් අප වැළකී සිටිම නැණවත් වනු ඇත. එමෙන්ම තත්ත්වය සංකීර්ණ කළ හැකි විවිධ කටකථා සහ තහවුරු නොවුනු දූෂමාන සෘණාත්මක ආරංචි පැතිරවීමෙන් වැළකී සිටින මෙන් ද අප සංගමය ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. සැමගේම හදවත්වල අප ගැන යහපත් ආකල්පයක් ඇති කරන ලෙසින් අප ක්‍රියා කළ යුතු අතර ඒ සඳහා දෙවියන්ගෙන් නිතර ඇයැද සිටීමද වැදගත්ය. මන්දයත් මිනිසුන්ගේ හදවත් ඇත්තේ දෙවියන් සතුය. එනිසා අතීතයේ අප මෙරටෙහි වාසය කළා සේ සුහදශීලීව හා අන්‍යෝන්‍ය ගරුත්වයෙන් වාසය කළ හැකි වාතාවරණයක් රටේ නැවතත් උදාකර දෙන මෙන් අල්ලාහ්ගෙන් ඇයැද සිටින මෙන් අප සංගමය ඉල්ලා සිටියි.
අෂ් ෂෙයික් එම්. එම්. අහ්මද් මුබාරක්
මහලේකම්,
සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංගමය.
04.02.2018
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයේ ශෝක පණිවිඩය
බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය අතිගෞරවනීය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන්ගේ අපවත්වීම පිළිබඳව ගෞරවනීය මහා සංඝ රත්නය හා සියලු බෞද්ධ සැදැහැවතුන් වෙතට ශ්‍රී ලංකා ජම්ඉයියතුල් උලමා (ශ්‍රී ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ) සංගමයේ හා මුස්ලිම් ප්‍රජාවගේ බලවත් ශෝකය මෙම අවස්ථාවේ දන්වා සිටීමට කැමැත්තෙමු.
යුක්තිය හා සාධාරණය මෙන්ම විනය ගරුක සමාජයක් ගොඩනැගීමේ කාර්යයේ දී මහා කැපවීමකින් කටයුතු කළ උන්වහන්සේගේ අපවත්වීම අපගේ මාතෘ භූමියේ ඉදිරි ගමනට අති විශාල පාඩුවක් ලෙස අපි දකින්නෙමු. ආගමික හා වාර්ගික සංහිඳියාව වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිමින් කටයුතු කළ උන්වහන්සේගේ උදාර සේවය මෙම අවස්ථාවේදී ගෞර්ව පූර්වකව සිහිපත් කරන්නෙමු. උන්වහන්සේ විසින් පෙන්වා දුන් ආදර්ශමත් මඟ අනුගමනය කරමින් සාමකාමී හා සුහදත්වය පදනම් වූ මාතෘ භූමියක් ගොඩනැගීමට ලක් මවගේ සියලු දරුවන් කැප වී කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගැනීම උන්වහන්සේට කළ හැකි උත්තරීතර උපහාරය ලෙස අපි දකින්නෙමු.
අෂ්-ෂේක් මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ඉස්ලාමීය විද්තුන්ගේ සංගමය
අෂ්-ෂේක් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාමීය විද්තුන්ගේ සංගමය
ACJU/GEN/01-18/001
2018.01.22/ 1439.05.04
පළාත් සභා මැතිවරණය : ඡන්ද දායකයින් හා ඡන්ද අපේක්ෂකයින් දැනගැනීම පිණිස
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මග පෙන්වීම
පළාත් සභා මැතිවරණය ආසන්න වෙමින් පවතියි. මැතිවරණ පිටියද දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. මෙවන් තත්ත්වයක ඡන්ද දායකයින් මෙන්ම ඡන්ද අපේක්ෂකයින් විසින්ද අනුගමනය කළ යුතු ආචාර ධර්ම ගැන පැහැදිලි කිරීම අපගේ වගකීමක් යැයි අප විශ්වාස කරමු. සියල්ලට ප්‍රථම රටේ දියුණුව වෙනුවෙන් සිදු කරන දායකත්වයක් ලෙසින් මැතිවරණ සියල්ල අප බැලිය යුතුය යැයි සඳහන් කරන්නට කැමැත්තෙමු.
අපගේ මව්බිමේ සාරධර්ම මුල් කරගත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට හා යහපාලනයක් සඳහා වන අස්තිවාරමක් යෙදීමට සහය දැක්වීම පිණිස ලැබී ඇති අගනා අවස්ථාවක් යැයි එළඹෙන පළාත් සභා ඡන්ද විමසීම විස්තර කළහොත් එය නිවැරදි යැයි අප සිතමු.
මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම යනු ‘නිර්දේශ කිරීම’ හෙවත් ‘ෂෆාඅත්’ යැයි ඉස්ලාමීය කෝණයෙන් නිර්වචනය කරනු ලබන කි්රයාවකි. එමෙන්ම ‘වකාලත්’ හෙවත් ‘වගකීම භාර දීම’ ලෙසින්ද මෙය හැඳින්විය හැකිය. මේ සියල්ලට වඩා මෙය ඉස්ලාමීය කෝණයෙන් ‘ෂහාදත්’ නම් වන සාක්ෂි දැරීමකි. නුසුදුසු පුද්ගලයෙකු හෙවත් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම අසත්‍ය සාක්ෂි කීමට සමාන වරදක් වනු ඇත. එය අසත්‍ය සාක්ෂියක් නොවී සත්‍යය සාක්ෂියක් වීමට පහත කරුණු වෙත ඡන්ද දායකයින් සිය අවධානය යොමු කළ යුතුය :
කෙටියෙන් කිවහොත් අපගේ ඡන්දය ලබා දිය යුත්තේ යහපත් චර්යා ඇති උගත් නැණවත් හා හැකියාව ඇති හා රටේ පොදු යහපත ගැන සිතන අපේක්ෂකයින්ටය.
පහත කරුණ වෙත ඡන්ද අපේක්ෂකයින් සිය අවධානය යොමු කළ යුතුය :
අවසාන වශයෙන් සියලුම අවස්ථාවල හා තත්ත්වයන්හි අල්ලාහ්ට බියබැතිව කටයුතු කිරීමට අප සියල්ලන්වම අල්ලාහ් සෘජු මග ගමන් කරවා අපගේ යහකි‍්‍රයා සියල්ල පිළිගනිත්වා.
අෂ් ෂෙයික් ඒ. සී. අගාර් මුහම්මද්
නියෝජ්‍ය සභාපති / දේශපාලන අංශය භාර ප්‍රධානි
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා
මාධ්‍ය ප්‍රකාශය - 12.07.2017
2017 ජූලි 09 ඉරිදා දින මව්බිම පුවත්පතෙහි පල වූ ”ගුවන් විදුලි සංස්ථාවේ අයුතු වැඩ” සම්බන්ධවයි
2017 ජූලි 09 ඉරිදා දින මව්බිම පුවත්පතෙහි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනාවරණය කොට තිබෙන මෙගා හර්ට්ස් 102.1 නාළිකාව ඔස්සේ අන්තවාදි වැඩසටහන් පවත්වාගෙන යන්නේ යැයි සිදු කර ඇති ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය වන අප එය විශ්වාස නොකරන්නෙමු. එවැනි අසත්‍ය ප්‍රකාශයක් එතුමා සිදු කර ඇත්නම් එයද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වශයෙන් අප තරයේ ප්රතික්ෂ්ප කරන්නෙමු.
1956 සිට නොමිලේ විකාශය වු මෙම සේවාව මෑත කාලයේදී වාණිජ සේවාවක් ලෙසට පත් විය. නමුත් මුස්ලිම් ජනයා එම සේවාව ලබා ගැනීම සඳහා එයට දායක්වය ලබා දීම අප සියලු දෙනාටම නොරහසකි. එම වැඩසටහන පසු ගිය අවුරුදු 65 කට අධික කාලයකට වඩා පැවත ඒම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් සමාජයට කළ මහගු සේවාවක් වේ. මෙම කාර්යභාරය නිසා මුස්ලිම් සමාජය සෑම දිනකම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට හා රජයට තමන්ගේ තුතිය පුද කරයි. තවද මෙම සේවාව මගින් මුස්ලිම් සමාජයට පමණක් නොව අපගේ අන් ආගමික සහෝදරයින් හටද ප්‍රයෝජනය ගෙන දෙන වැඩසටහන සිදු කරන අතර ඔවුන් විසින් එය අගය කොට සැලකූ බව අපට අසන්නට ලැබුනි.
මෙකි වැඩසටහන් ඉතා සාර්ථකව පැවැත්වෙන කාලවකවාණුවක එය නවතා දැමීමට සිදුකරන කුමන්ත්‍රණයක් දෝ යන සැකය අපට මතු වී ඇත. එම නාලිකාවෙහි වැඩසටහන් සිදු වන්නේද රාජ්‍යය අනුග්‍රහය මගින්ය. අද රට තුල විවිධාකාර පුද්ගලයින් සිදු කරගෙන යන අන්තවාදී වැඩ කටයුතු වලට මෙම ප්‍රකාශය ඉමහත් රුකුලක් බවට පත් වී ඇත. තවද පාරම්පරිකව මෙම රට තුල සෑම ජාතියක්ම සහජීවනය හා සංහිඳියාව පැවත එන අතර තම තමන්ගේ අගමික වැඩ කටයුතු දියත් කරමින් සිටිති. තවද ශී‍්‍ර ලාංකේය මුස්ලිම් ජනතාව කිසිවිටක අන්තවාදයට හෝ ත්රස්තවාදයට සහයෝගය දක්වන්නේ ද නැත. මුස්ලිම් ප්‍රජාව මෙරට තුල සාමය සහජීවනය හා සංහිඳියාව ඇති කිරීමට කැප වී වැඩ කටයුතු කරගෙන සිටිති. අප ශී‍්‍ර ලාංකිකයන් ලෙස ජීවත් වී මෙම මාතෘ භූමියට කළ හැකි උපරිමය සිදු කිරීම අපගේ අපේක්ෂාව වේ. එම නිසා මෙවැනි ප්‍රකාශයන් සිදු කර රට තුල පවතින සහජීවනය හා සංහිඳියාවට තර්ජනයක් ඇති නොකිරීමට සෑම වගකිවයුත්තෙක්ම වග බලා ගත යුතු වේ.
මෙයට
අෂ් ෂේක් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්
සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය