23.07.2015
සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් 2015 ජූලි මස 22 දින පහත සඳහන් ශ්‍රී ලාංකේය ප්‍රධාන මුස්ලිම් සංවිධානයන්හි සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද අන්තවාදීත්වයට විරෝධී සමුළුවේ නියෝජිතයින් වන අපි සියලුම ආකාරයේ ප්රචණ්ඩත්වයන් හා ත්‍රස්තවාදී ක්‍රියාවන් ඒකාර්ථයෙන් හා ඒකමතිකව හෙළාදකින්නෙමු.
ඉස්ලාමය සකල මනුෂ්‍ය වර්ගයාටම මෛත්‍රිය හා කරුණාව දැක්වීම පදනම් කරගත් දහමකි. එය සදාතනික සාමයේ, ශාන්ත භාවයේ, ආරක්ෂාවේ හා සහෝදරත්වයේ උල්පතකි. ආගමික හෝ වාර්ගික භේදයකින් තොරව ඉස්ලාමය මිනිස් ජීවිතයන්ට උත්තරීතර අගයක් ලබාදී ඇත්තේ එක් අයෙකුව නිරපරාදේ මරා දැමීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම මරා දැමීම හා සම කරමිනි. සාමය හා සහෝදරත්වය සම්බන්ධයෙන් වූ එහි ඉගැන්වීම් සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම අදාළ හා ආවරණය කරන්නක් ලෙස පවතී. කිසිදු භේදයකින් තොරව සැමට සහෝදරත්වයෙන්, මෛත්‍රියෙන්, සාධාරණත්වයෙන් හා යුක්ති ගරුකව කටයුතු කරන ලෙස ඉස්ලාමය උගන්වයි. ඉස්ලාමය සියලුම ආකාරයේ හිංසනයන්, කලහකම් හා ත්‍රස්ත ක්‍රියාවන් ඉතා දැඩි අයුරින් හෙළාදකියි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව හිංසනය, අනර්ථකම්, කලහකම් හා මිනිස් ඝාතනයන් බරපතල පාපයන් හා අපරාධයන් ලෙස සැලකේ.
අයි.එස්.අයි.එස්. සංවිධානය සාහසික අන්තවාදී සංවිධානයක් වේ. එය නොමග ගිය සංවිධානයක් වන අතර එහි ක්‍රියාකාරකම් ඉස්ලාමීය ප්‍රතිපත්ති හා ශික්ෂාවන්ට පටහැනිය. අවාසනාවට බටහිර මාධ්‍ය විසින් ‘ජිහාද්’ යන පදය වැරදි හා අනිසි අයුරින් යොදා ගනිමින් එය මිනිස් ඝාතන හා අසාධාරණ යුද ගැටුම් අර්ථවත් කරන්නක් බව හුවා දක්වමින් කටයුතු කරයි. ඕනෑම සංවිධානයක් අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට ‘ජිහාද්’ සංකල්පයේ මුවාවෙන් කටයුතු කරන්නේ නම් සත්‍යය වශයෙන්ම එය පරිපූර්ණ ලෙසම ඉස්ලාමයට පටහැනි ක්‍රියාවකි. නිවැරදි ඉස්ලාමීය මුලාශ්‍ර පදනම් කරගනිමින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් ‘ජිහාද්’ සංකල්පයේ ආධ්‍යාත්මිකත්වය විග්රහ කරමින් නිකුත් කොට ඇති ග්‍රන්ථය අපි සම්පූර්ණයෙන්ම අනුමත කරන්නෙමු.
2014 ජූලි මස 6 වැනි දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරන ලද සවිස්තරාත්මක ගුවන් විදුලි වැඩ සටහන මගින් හා 2014 අගෝස්තු මස 30 වැනි දින නිකුත් කරන ලද මාධ්‍ය ප්රකාශනය මගින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් අයි.එස්.අයි.එස්. සංවිධානය ඉස්ලාමයට පටහැනි අන්තවාදී සංවිධානයක් ලෙස හෙළිදරවු කිරීමට ගත් පියවරයන් අපි ඉතා අගය කොට සලකන්නෙමු.
අයි.එස්.අයි.එස්. හෝ අන් ඕනෑම අන්තවාදී සංවිධානයක් සමග ඉස්ලාමය කඩතුරාවක් කරගනිමින් සම්බන්ධතාවන් පවත්වන සියල්ලන් ව අපි ඉතා දැඩි ව හා ඒකාර්ථයෙන් ම හෙළාදකින්නෙමු. ඕනෑම ආකාරයේ අන්තවාදී ක්‍රියාවන් හි නියැලෙන ඕනෑම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සාධාරණීය කිරීමට සහතික වශයෙන්ම කිසිදු අවස්ථාවක අපි ඉදිරිපත් නොවන්නෙමු.
අන්තවාදී ක්‍රියාවන් හි නියැලෙන සියලු පුද්ගලයන්ට එරෙහි ව තරාතිරම හෝ අන් කිසිදු සාධකයක් ගැන තැකීමකින් තොරව නීතිය දැඩි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු. අපගේ මාතෘ භූමියෙන් මෙවන් ව්‍යසනයන් සහමුලින්ම තුරන්කර දැමීම පිණිස සමාජ විරෝධී හා අපරාධකාරී පුද්ගලයින් ගැන කටයුතු කරන සියලු රාජ්‍ය ආයතන වෙත අපගේ පූර්ණ සහයෝගය හා උපකාරයන් ලබා දීමට සූදානමින් සිටින්නෙමු.
මෙම කර්තව්‍යයේදී ඉතා වගකීම් සහිත හා නිවැරදි අරමුණු පදනම් කරගනිමින් කටයුතු කරන ලෙස සියලු මාධ්‍ය ආයතනයන් වෙත ඉතා කාරුණික ව ආයාචනය කර සිටින්නට කැමැත්තෙමු. විවිධ වාර්ගිකයින් අතර රටේ දැනට පවතින ශුභවාදී සහජීවන රටාවට හානියක් වන අයුරින් මෙවන් ක්‍රියා හා බැඳි ප්රවෘත්ති සංවේදීත්වය දනවන ලෙසින් පළ නොකරන ලෙසද ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.
ආරම්භයේ සිට ශත වර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව තම මාතෘ භූමියට කොන්දේසි විරහිත පක්ෂපාතිත්වයෙන් මෙන්ම දේශාභිමානය හා දේශානුරාගයෙන් යුක්තව කටයුතු කොට ඇත. අපගේ මාතෘ භූමියට අපකීර්තියක් හෝ කැළලක් වන අයුරින් කිසිදු ක්‍රියාවක් කිරීමට හෝ අනුමත කිරීමට මුළුමහත් මුස්ලිම් ප්‍රජාවම බැඳී සිටින බව ඒකාර්ථයෙන් හා ඒකමතිකව සහතික කරන්නෙමු.
ඉස්ලාමය සාමූහික සහජීවනය අවධාරණය කරන දහමකි. මේ ආකාරයට සමාජීය සබැඳියාවට හානිකරන කිසිදු කි‍්‍රයාමාර්ගයක් ඉස්ලාම් ධර්මය අනුමත නොකරයි.
ධර්මයන් අතර අනවශ්‍ය ප්රශ්නයන් ඇති කරන ආකාරයට මුස්ලිම්වරු කි‍්‍රයා නොකළ යුතු අතර අන් ආගමික සහෝදරයන්ගේ ආගමික අගයන් වලට ගරු කළ යුතුයි යනුවෙන් ද ඉස්ලාමය උගන්වා දෙයි.
ඉස්ලාමයට එරෙහිව කටයුතු කරන බලවේගයන් කි‍්‍රයාත්මක වන විටදී ඔවුන් කි‍්‍රයාත්මක වන ආකාරයටම මුස්ලිම්වරු කි‍්‍රයා කිරීම ඉස්ලාමය අනුමත නොකරයි. අයහපත් කි්රයාවන් යහපත් කි්රයාවන් මගින් වලක්වන ලෙසට ද අයහපත පෙන්වාදෙන විටදී මෘදු භාවයෙන් කතා කරන ලෙසට ද අන් ආගමික සහෝදරයන්ගේ සිත් නොරිදවන ආකාරයට වදන් භාවිත කරන ලෙසට ද ඉස්ලාමය මගපෙන්වා දෙයි.
අනෙකුත් ධර්මයන් විවේචනය කිරීම ඉස්ලාමය දැඩිව හෙළා දකින අතර අනෙකුත් ආගමික නායකයන් සමග ගෞරවයෙන් කටයුතු කිරීමට ඉස්ලාමය මගපෙන්වා දෙයි. ඉස්ලාම් ධර්මයේ මෙම ඉගැන්වීම් උදාසීන වන ආකාරයට ලිවීම ද කතා කිරීම ද සමාජ ජාලයන් භාවිත කිරීම ද අප දැඩිව හෙළා දකින්නෙමු.
ඕනෑම මුස්ලිම්වරයෙකු අනෙකුත් ආගමකට හෝ ආගමික නායකයන්ට අගෞරව කරන ආකාරයට අදහස් ඉදිරිපත් කිරීම අප හෙළා දකින අතර මෙම ක්‍රමවේදය ඉස්ලාමීය ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම පටහැනි යැයි විවෘතව ප්‍රකාශ කරන්නෙමු.
තවද ඉස්ලාමයට ද මුස්ලිම්වරුන්ට ද මුස්ලිම්වරුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනයට ද අපහාසාත්මකව සිදු කරන සෑම කටයුත්තක්ම අප හෙළා දකින අතර මෙවැනි දෑ සඳහා ඉදිරිපත් වන පුද්ගලයන්ට විරුද්ධව නිසි පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙලෙස නීතියට හා සාමූහික සංහිදියාවට පටහැනිව කරන්නා වූ කි්රයාවන් නැවැත්වීමට නීතියේ හස්තය ඉදිරිපත් නොවුවහොත් මාතෘ භූමියට ද අපගේ සහෝදර වැසියන්ට ද හානිකර බලපෑම් ඇති විය හැකි වේ.
තවද ජාතීන් අතර ඇති විය හැකි මතභේදයන් හදුනාගෙන ඒවා නැතිකර දැමීමට රජය අවධානයෙන් කි‍්‍රයා කළ යුතු අතර මුස්ලිම්වරුන් සම්බන්ධ කරුණු ගැන ඉස්ලාමීය විද්වතුන් හා මුස්ලිම් සමාජයේ නායකයන් සමග සංවාදයේ නිරත වීම මගින් යහ ප්රතිඵලයන් රජයට ලබා ගත හැකි යනුවෙන් ද අප අවධාරණය කරන්නෙමු.
All Ceylon Jamiyyathul Ulama - ACJU
All Ceylon Young Muslim Men’s Association Conference - YMMA
Sri Lanka Jama'athe Islami – SLJI
All Ceylon Thowheedh Jama’ath –ACTJ
Muslim Council of Sri Lanka - MCSL
National Shoora Council – NSC
Sri Lanka Islamic Center
Sri Lanka Islamic Student’s Movement
All Ceylon Union of Muslim League Youth Fronts - ACUMLYF
World Assembly of Muslim Youth – WAMY
Jama'ath Ansaris Sunnathil Mohammadiyya - JASM
Jama’athus Salama
International Islamic Relief Organization- IIRO
Association of Muslim Youth of Sailan (Sri Lanka) - AMYS
Colombo District Masjid Federation – CDMF
Sri Lanka Shariee’ah Council
Al Hikma Welfare Association
All Ceylon Muslim Educational Conference - ACMEC
Jama’ath ut Thowheed
Rapid Response Team - RRT
Sri Lanka Muslim Media Forum – SLMMF
All University Muslim Students Association - AUMSA
Advocacy & Reconciliation Council