ACJU/FRL/2020/21-238
2020.11.05
1442.03.17
අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු
අවාසනාවකට මෙන් කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් අප රටේ ඇති වී තිබේ. මෙවර එහි තීව්‍රතාවය පෙරටත් වඩා වැඩි බව අප දනිමු. කණ්ඩායම් රැස්වීම සීමා කිරීමේ පියවර අනුව මස්ජිද්වල සිකුරාදා ජුමුආ ඇතුළුව පස්වේල සලාතය සඳහා එක් වන බැතිමතුන්ගේ සංඛ්‍යාව 25 කට සීමා කරගන්නා මෙන් රජය නිර්දේශ කර ඇත. මෙයට පෙර 2020.06.16 දින කෝවිඞ් -19 අසාමාන්‍ය තත්වය තුල ජුමුආ ඉටු කිරීම සම්බන්ධව අප සභාව පහත සඳහන් කරුණු අවධාරණය කර තිබුනි.
‘යම් පෙදෙසක ජුමුආ ඉටු කිරීමට එහි නේවාසිකව සිටින හා නිසි වයසට පත් පුරුෂයන් 40 ක් රැස් විය යුතුය යනු ෂාෆාඊ මද්හබයේ අනිවාර්්‍ය නිර්දේශයකි. එනිසා මෙම රීතිය ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. ඉඩ කඩ අඩු වීම හෝ සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය නොමැති වීම හෝ එවන් හේතුවක් නිසා ජුමුආ සලාතයට රැස්වන සංඛ්‍යාව 40 ට අඩු වේ නම් එවිට ජුමුආ වෙනුවට ලුහර් සලාතය ඉටු කළ යුතුය’
https://acju.lk/news-ta/acju-news-ta/item/1964-19
මෙරටේ මුස්ලිම් ප්‍රජාව වසර ගණනාවක් තිස්සේ ජුමුආ ඇතුලු සියලු වගකීම ඉටු කරමින් සිටින්නේ රජයේ නිර්දේශවලට අනුකූල වෙමිනි. අල්හම්දුලිල්ලාහ්ණී සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව අවධාරණය කරන්නේද එම පිළිවෙතයි.
මුළුලොවේ හා අප රටේ දැනට පවතින සංවේගජනක තත්වය ඉතා ඉක්මනින් තුරන්වී ජුමුආ ඇතුළු අපගේ ආගමික වතාවත් සියල්ල පුර්ණ ලෙසින් ඉටු කිරීමට කාරුණික අල්ලාහ් අපට නැවතත් අවස්ථාවක් උදා කර දෙත්වා යැයිද අප විඳින සියළු අසීරුතා වෙනුවෙන් අපට විශාල කුලියක් දෙත්වා යැයිද පරම දයාබර අල්ලාහ්ගෙන් අයැද සිටින්නෙමු.
වස්සලාම්
අෂ් ෂෙයික් එම්.එල්.එම් ඉල්යාස්
ලේකම් ෆත්වා කමිටුව
සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව
සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විශේෂ වීඩියෝ දර්ශනය
ඉදිරිපත් කිරීම : අෂ්-ෂෙයික් එම්.එෆ්.එම්. ෆරූද්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
30.10.2020 / 12.03.1442
සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කිරීමෙහි ලා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉමහත් සතුටට පත් වෙයි.
අරාබි ලිත අනුව රබීඋනිල් අව්වල් මාසය මානව සංහතියට අතිශය වැදගත්කමක් ඇති මාසයකි. මන්දයත් මිනිස් සමාජයට ඍජූ ජීවන මාර්ගයක් පෙන්වීම සඳහා ලොවට ආශිර්වාදයක් ලෙසින් අල්ලාහ් විසින් එවන ලද අවසාන වක්තෘ නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ඉපදුනේ මෙම මාසයේ බැවිනි.
රබීඋන් යන අරාබි වචනයේ අරුත වසන්තය යන්නයි. වසන්ත ඍතුව පොළොවට හරිත හා සශ්‍රීක බව, අලංකාරය ගෙන දෙයි. එසේම, රබීඋනිල් අව්වල් මාසයෙහි නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ඉපිද මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පුර්ණ ජීවන ක්‍රමයක් දායාද කළේය.
මුහම්මද් නබි තුමාණන්ව හැඟීම් සහගතව සිහිකරන්නා වූ මෙම උතුම් දිනයේ වත්මන් ලොවට අවශ්‍ය කරන මානව දයාව, සානුකම්පාව, පරාර්ථකාමය හා සංහිඳියාව යන ගුණාංග නගා සිටුවීමේ හැකියාව එතුමන් ගෙන ආ සාමයේ පණිවිඩයට සත්‍යය ලෙසින් හැකිවනු ඇත.
මෙම උතුම් දිනයේදී මුස්ලිම්වරුන් විවිධ වූ යහකර්මයන්හි නියැලීම සිරිතකි. එමනිසා අප සියලුම දෙනා එකිනෙකා අතර ඇත්තා වූ අවබෝධයෙන්, සාමුහික එකමුතුභාවයෙන් යුතුව සහෝදරත්වයෙන් බැඳී අන් අයගේ හැඟීම්වලට ගරු කරමින් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
කොවිඞ් වසංගතය හේතුවෙන් අපගේ දේශයේ බොහෝමයක් ජනයා ආර්ථික තත්වයෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙම උතුම් දිනයේදී අවශ්‍යතා ඇත්තා වූ ජනයා හට ජාති ආගම් භේදයකින් තොරව අතහිත දෙමින් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. තවද, භයානක වූ මෙම කොරෝනා වසංගතය අප දේශයෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම ඉක්මණින් තුරන් වී සැමට සමෘද්ධිමත් ජීවිතයක් උදා වීමට ප්රාර්ථනාවන්හි නිරත වන මෙන්ද සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.
අපගේ මාතෘභූමියෙහි සාමය, ශාන්තිය හා ජනකොටස් අතර සුහදත්වය පැවතිය යුතු යැයි මෙම විශේෂ දිනයෙහි අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
2020.10.27
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි හිටපු සභාපති සහ වත්මන් මහලේකම් අෂ්-ෂෙයික් උස්තාද් මුබාරක් (ගෆූරී, මදනී) තුමාණන්ගේ අභාවය පිළිබඳ පුවත අපගේ දැඩි කනස්සල්ල ඇති කරන්නකි.
එතුමන් වර්ෂ 1991 සිට 2003 දක්වා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ගෞරවනීය සභාපති ලෙස සේවය කර ඇත. තවද වර්ෂ 2003 සිට 2010 දක්වා නියෝජ්‍ය සභාපති වශයෙන් ද 2010 පටන් අද දින අවසන් ගමන යන තෙක් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ගෞරවනීය මහලේකම් වශයෙන්ද අපගේ සභාවට මඟ පෙන්වූ ශේෂ්ඨ විද්වතෙකි. වසර 33 ක් පමණ තමා අධ්‍යාපනය ලැබූ ගෆූරියා අරාබි විද්‍යාලයේ විදුහල්පති ලෙසත්, ජාමියා නලීමියා කලා පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇති අතර, තම ජීවිතයේ බොහෝ කාලය අධ්‍යාපනය හා දහමේ අභිවෘද්ධිය සඳහා කැපකර ඇත.
එතුමන් රටේ සුප්‍රසිද්ධ ඉස්ලාමීය දේශකයෙක් හා ලේඛකයෙකි. එතුමන්ගේ අභාවය පිළිබද පුවත මේ රටේ මුස්ලිම්වරුන්ට සහ රටේ ජනතාවට විශාල පාඩුවක් ගෙන දෙන්නකි. එතුමන්ගේ පවුලේ උදවිය, ඥාතීන් සහ ශිෂ්‍යයින් සියලු දෙනාට අපගේ ශෝකය සහ කණගාටුව පළ කර සිටින්නෙමු.
සර්වබලධාරී අල්ලාහ්, එතුමන්ට පාපක්ෂමාව ලබා දී ජන්නතුල් ෆිර්දවුස් නම් ස්වර්ගය පිරිනමත්වා.
සටහන : කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා තිබෙන නිසා ජනාසාවට සහභාගී වීමට නොහැකි උදවිය, එතුමන් වෙනුවෙන් දුආ ප්රාර්ථනාවන්හි නියැළෙන ලෙසත් ගාඉබ් (غائب) වන ජනාසා සලාතයෙහි නිරත වන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.
අෂ්-ෂෙයික් මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
ගරු සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)
Ref : ACJU / GEN / 2020/025
2020.09.10 / 1442.01.21
ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්
2020.09.09 බදාදා, එනම් ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවෙහි සිදුවූ සිද්ධිය පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය හා කනස්සල්ල පළ කර සිටිමු.
එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් සහභාගී වූ සහකාර මහලේකම් අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් පිළිබදව මාධ්‍යයෙහි පල වූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදීමක් ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ හදිසි රැස්වීමක් අද පෙ.ව. 10.30 ට අප ප්‍රධාන කාර්යාලයෙහි පැවැත් විණි. එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලදී.
මෙම අවස්ථාවේ දී, අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් තම විමර්ශන කටයුතු අවසන් වන තුරු තමා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහලේකම් ධූරයෙන් ඉවත් වන බව ලිඛිතව දැනුම් දී තිබේ. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් බව මෙයින් දන්වා සිටිමු.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
ACJU/MED/2020/005
23.05.2020 / 29.09.1441
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ රමළාන් උත්සව පණිවි
ඩයකෝවිඩ්-19 වසංගතය පවතින අර්බුදකාරි තත්ත්වයක පුරා මාසයක් උපවාසශිලයේ හා යහක්රියාවන් වල යෙදී අද දින රමළාන් උත්සවය සමරන මුස්ලිම් ජනයාට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ රමළාන් උත්සව සුබපැතුම දන්වා සිටියි. තවද අප යෙදුනු උපවාසශීලය ඇතුලූ සියලූ යහකි‍්‍රයා අල්ලාහ් පිළිගනිත්වා යැයිද ප්‍රාර්ථනා කරමු.
කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ පියවර ලෙසින් ආරක්ෂක හා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව තිබෙන හෙයින්, පසුගිය වසරවල මෙන් නොව මෙවර අප රමළාන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් සමරමු. තවද එම නිර්දේශවලට අනුව අප මෙවර සැමරීම අපගේ නිවසට පමණක් සීමා කරමු. එමෙන්ම අප රට ඇතුලූ මුළු ලොවටම ඇති වී තිබෙන මෙම ව්‍යසනය ඉවත් වන මෙන්ද අප සැම මෙම උවදුරෙන් ආරක්ෂා කරන මෙන්ද සර්වබලධාරී අල්ලාහ්ගෙන් අප අයැද සිටිමු. මෙම ව්‍යසනය ලොවින් තුරන් කරන්නට අප සැම එක්ව හා සහයෝගයෙන් මෙන්ම තිර අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නට අවශ්‍ය ඉවසීම හා චිත්ත ධෛර්යය අපට ලබා දී ආශීර්වාද කරන මෙන් ලාංකික මුස්ලිම් අප සැම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.
මෙම උතුම් දිනයේ ඉස්ලාමීය මගපෙන්වීම් නිසි අයුරින් අනුගමනය කරමින් මුළු ලොවම හා අප මාතෘභුමිය මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට අප සියල්ලන්ම සර්වබලධාරි අල්ලාහ්ගෙන් අයැද සිටිමු.
එමෙන්ම මෙම දුර්භීක්ෂයෙන් අපගේ දේශය ගලවා ගැනීමට අව්, වැසි, දිවා, රාති‍්‍ර නොබලා කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය නිළධාරීන්, සෞඛ්‍ය අංශයේ නිළධාරීන්ට ද පොලිස් නිළධාරීන් හා ති‍්‍රවිද හමුදාවට ද අපගේ හෘදයාංගම ස්තූතිය මෙම රමළාන් උත්සව දිනයෙහි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රකාශ කර සිටියි.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
2020.03.27
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු
ජනාසාවක අවසන් කටයුතු සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විශේෂ ඉල්ලීම
මුළු ලොවම එකම එක් ව්‍යසනයක් නිසා කම්පාවට පත්ව සිටිනු අපි දනිමු. කොරෝනා නම් වන මෙම වසංගතයට සිය ගණනින් දැනටමත් ගොදුරු වී මිය ගොස් ඇති අතර විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම තත්ත්වය පාලනය කිරීමේ එක් පියවරක් ලෙසින් ලොව රටවල් සෑම එකක්ම පාහේ ඇඳිරි නීතිය පනවා ඇත. අන් බොහෝ රටවල මෙන් අප රටේද දෛනික සියලු කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී ඇත.
මෙම ව්‍යසනයෙන් මීදීම පිණිස රජය විසින් ඇඳිරි නීතියට අමතරව තවත් විවිධ පියවර ගණනාවක්ම ගනිමින් සිටින අතර මුස්ලිම් ප්රජාවද රජයේ නීති නිර්දේශවලට අවනත වෙමින් නීති ගරුක පුරවැසියන් ලෙස කටයුතු කරමින් පෙර නොවිරූ අන්දමින් පස්වේල සලාතය සහ සිකුරාදා ජුමුආ නැමදුම තමතමන්ගේ නිවෙස්වලම ඉටු කර රජයේ නියෝග පරිදි සියලුම ආකාරයේ ආගමික හා සමාජමය එක් රැස්වීම්ද නවතා දමා ඇත. එමෙන්ම මුස්ලිම් ප්‍රජාව මෙරට හා රට වැසියන්ගේ ආරක්ෂාව පතා සහය දක්වමින් සිටියි.
මේ අතර අල්ලාහ්ගේ අභිමතය පරිදි කෙනෙකු අභාවයට පත් වූ විට එයට අදාළව මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා වගකීම් කිහිපයක් තිබෙන හෙයින් එය ඉටු කිරීම පිණිස කිහිප දෙනෙකු එක්රැස්වීම යනු නොවැළැක්විය කාරණාවකි. එහෙයින් මිනිසුන් රැස්වන විට මෙම රෝගය ආසාදනය වීමේ ප්‍රවණතාවක් ඇත යැයි සෞඛ්‍ය බලධාරීන් අවවාද කර ඇත. ඒ අනුව මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට පහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි:
ඉහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලක්වාසී මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
සැ.යු. - අල්ලාහ් මෙසේ පවසයි : “අල්ලාහ් නුඹලාට පහසුව අපේක්ෂා කරන අතර නුඹලාට දුෂ්කරතාව අපේක්ෂා නොකරයි.” (සූරා අල් බකරා 185)
නබි මුහම්මද් තුමන් (සල්) මෙසේ උපදෙස් කර ඇත : “නිශ්චය වශයෙන්ම මෙය පහසු දහමකි. කවුරුන් හෝ මෙම දහම ඔහුට අසීරු කර ගතහොත් එය ඔහු අභිබවනු ඇත. (සහීහුල් බුහාරි 39)
ඉහත මාර්ගෝපදේශ මෙම ශුද්ධ කුර්ආන් වැකිය, නබිවදන හා ආගමික විශාරදයින්ගේ අදහස් පදනම් කර ගනිමිනි.
අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්
ලේකම් - ෆත්වා කමිටුව,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
2019.06.08
මාධ්‍ය ප්‍රකාශය
පසුගිය ගිය සති කිහිපය අප රටට අතිශය ශෝචනීය කාල වකවානුවක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. මෙවන් නොසන්සුන් වාතාවරණයක පසුගිය ජූනි මස 6 වන දින ත්‍රයි නිකායන්ට අයත් අති පූජ්‍ය මහා සංඝ නායකයන් මාධ්‍ය හමුවක් කැඳවා මෙරටේ සියලූ ජනකොටස් සාමයෙන් එක්සත්ව කටයුතු කළ යුතුය යැයිද විශේෂයෙන් මුස්ලිම් ජනයා සමග තමන්ට කිසිඳු අහිතක් හෝ නොසතුටක් නොමැත යැයිද ඈත අතීතයේ පටන් මුස්ලිම් ප්‍රජාව සමග සිංහළ ජනයා වාසය කළේ සුහඳ මිත්‍රශීලී ආකල්පයෙන් බව පෙන්වා දෙමින් එය එසේම පැවතිය යුතුය යැයිද විශේෂ ප්‍රකාශයක් කර තිබීම ඉතා අගය කළ යුතු කරුණකි.
මෙලෙසින් අප රටේ සාමය හා ජනකොටස් අතර එකමුතුබව සඳහා මහා සංඝරත්නය ඉටු කර ඇති මෙහෙය හා ලබා දී ඇති දායකත්වය සුළුපටු නොවේ. එසේම අතීතයේ සේම වර්තමානයේත් රටේ අභිවෘධිය උදෙසා එක්සත්ව කටයුතු කරන්නට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්රජාවද මුස්ලිම් ආගමික ප්‍රධානීන්ද නිරන්තරයෙන්ම සුදානමින් සිටින බව මෙරටේ සියලූ ජනයාට මෙන්ම රජයටද පවසනු කැමැත්තෙමු.
ත්‍රස්තවාදය, අන්තවාදය හා ජාතිවාදය වැනි අපගේ රටට ව්‍යසනයක් විය හැකි හා රට අස්ථාවර කළ හැකි දුෂ්ට බලවේග කුමන වෙසකින් පැමිණියද ඒ සියල්ල පරාජය කිරීමට ශ්‍රී ලාංකිකයන් ලෙසින් සියලූ වෙනස්කම් පසෙකලා අප සැම එක හඬින් නැගී සිටිය යුතුය.
ජනකොටස් අතර අන්‍යෝන්‍ය වැටහීම සහ එක්සත් බව ඇති කර රටේ සාමය හා සමාදානය මෙන්ම අභිවෘධිය ඇති කරත්වා යැයි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.
වස්සලාම්
අෂ් ෂෙයික් එම්.එම්. මුර්ෂිද් මුලෆ්ෆර්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය
(All Ceylon Jamiyyathul Ulama)
2019.05.28 (1440.09.22)
රමළාන් උත්සවය සම්බන්ධ මගපෙන්වීම්
රටේ පවතින අසාමාන්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුනගේ සම්මේලනය (ජම්යියතුල් උලමා සම්මේලනය) ලාංකික මුස්ලිම් ජනයාට පහත උපදෙස් ඉදිරිපත් කරයි,
දයාව හා පරෝපකාරය උනන්දු කරන මෙම සුවිශේෂී මාසයේ අප සිදු කරන ආගමික් වතාවත් වන්දනා මාන හා දන්දීම සියල්ල අල්ලාහ් දෙවියන් පිළිගෙන ඒවායෙහි මහිමයෙන් රටේ ව්‍යාකූල තත්ත්වය ඉක්මනින්ම පහ වී නැවතත් අපගේ මාතෘභූමියට සතුට සැනසීම හා අභිවෘධිය ඇති කරත්වා.
වස්සලාම්
අෂ් ෂෙයික් එච්. උමර්දීන්
ලේකම්,
ප්රචාරක කමිටුව,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)
2019 මැයි මස 22
අනුස්මරණ දිනය සහ ඉදිරියට කළ යුතු දේ
2019 අප්‍රේල් මස 21 වන දින අප කිසිවෙකුට අමතක කළ නොහැකි දිනයකි. පල්ලිවල ආගමික වතාවත්වල යෙදී සිටි කතෝලික බැතිමතුන් හා හෝටල් කිහිපයක උදේ ආහාර ගනිමින් සිටි අහිංසකයන් සිය ගණනක් කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ඝාතනය වුයේ මෙම දිනයේය. මෙම අමානුෂික ඝාතන පෙළ සිදු කළ කුරිරු පුද්ගලයන් කිහිප දෙනා ‘මුස්ලිම්’ යැයි තමන්ව හඳුන්වා ගත් හෙයින් මෙය සම්බන්ධව, කවදත් සාමය අගයන ලාංකික මුස්ලිම් ප්‍රජාවට ඇති වුයේ දැඩි අසීරුතාවක් හා දැරිය නොහැකි කම්පාවකි. ඒ අනුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය නොහොත් ජම්යියතුල් උලමා සම්මේලනය ප්රමුඛ මුළු මහත් ලාංකික මුස්ලිම් ජනයා සිය සංවේගය හා කණගාටුව නැවතත් ප්‍රකාශ කර සිටිති.
අයි.එස්. ත්‍රස්ත කල්ලිය බිහි වු පසු 2014 වසරෙහි ලොව සියල්ලන්ටම ප්‍රථමයෙන් එය හෙළා දුටු ආගමික සංවිධානය වුයේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනයයි. එවක පටන් එම බිහිසුණු ත්‍රස්ත කල්ලියේ අමානුෂික ක්‍රියාකාරකම් විටින් විට දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් ඔවුන්ගේ ක්‍රියා සහ ඉස්ලාම් ධර්මයේ ඉගැනුම්වලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවද ඒ අනුව අයි.එස්. ත්රස්තවාදීන් මුස්ලිම් නොවේය යැයිද අප අවධාරණයෙන් ප්‍රකාශ කරමින් සිටියෙමු. මන්දයත් අන්තවාදය, ප්රචණ්ඩත්වය හෝ මරාගෙන මැරෙන ඇතුළු අන් සියලුම ආකාරවල ත්‍රස්ත ප්‍රහාරවලට කිසිසේත් ඉස්ලාමය අනුබල නොදෙන හෙයිනි.
වසර දහසකට අධික කාලයක් මුළුල්ලේ මුස්ලිම් ජනයා මෙරට බහුතර සිංහල සහෝදර සහෝදරියන් සමග සාමයෙන් හා එක්සත්ව වාසය කරමින් සිටින බව ප්‍රකට කරුණකි. අප්‍රේල් ප්‍රහාර මාලාවේ කම්පනය නිසා මුස්ලිම්වරුන් වශයෙන් සහෝදර ජනතාව අතර සබඳතාව වඩාත් ශක්තිමත් කිරීමටත් විවිධ ජනකොටස් සමග වඩාත් සමීප වීමටත් වූ අධිෂ්ඨානය තර වී ඇත. ජාතීන් අතර වන මෙම සංහිඳියාව තවතවත් ශක්තිමත් කරන්නට මුස්ලිම් අප සැම විශේෂයෙන් කැපවීමකින් කටයුතු කළ යුතු අවදිය මෙයයි. ඒ අනුව පහත කරුණු ගැන සැළකිලිමත් වන මෙන් ලංකාවාසී මුස්ලිම්වරුන්ගෙන් සහ මස්ජිද්වල භාරකරුවන්ගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.
එමෙන්ම ප්‍රහාර නිසා හානියට හා දුකට පත්ව සිටින සියළුම පවුල් වෙනුවෙන්ද අපගේ මව්බිමේ පවතින ව්‍යාකූලතා සියල්ල පහ වී නැවතත් සාමයේ හා අභිවෘධියේ මාවතේ ලක්මව ගමන් කරවිය යුතු යැයි ද නිතිපතා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
ගරු මුෆ්ති එම්.අයි. එම්. රිස්වි ගරු අෂ් ෂෙයික් අගාර් මොහමඩ්
සභාපති, නියෝජ්‍ය සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU) සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)