30.10.2020 / 12.03.1442
සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කිරීමෙහි ලා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉමහත් සතුටට පත් වෙයි.
අරාබි ලිත අනුව රබීඋනිල් අව්වල් මාසය මානව සංහතියට අතිශය වැදගත්කමක් ඇති මාසයකි. මන්දයත් මිනිස් සමාජයට ඍජූ ජීවන මාර්ගයක් පෙන්වීම සඳහා ලොවට ආශිර්වාදයක් ලෙසින් අල්ලාහ් විසින් එවන ලද අවසාන වක්තෘ නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ඉපදුනේ මෙම මාසයේ බැවිනි.
රබීඋන් යන අරාබි වචනයේ අරුත වසන්තය යන්නයි. වසන්ත ඍතුව පොළොවට හරිත හා සශ්‍රීක බව, අලංකාරය ගෙන දෙයි. එසේම, රබීඋනිල් අව්වල් මාසයෙහි නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ඉපිද මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පුර්ණ ජීවන ක්‍රමයක් දායාද කළේය.
මුහම්මද් නබි තුමාණන්ව හැඟීම් සහගතව සිහිකරන්නා වූ මෙම උතුම් දිනයේ වත්මන් ලොවට අවශ්‍ය කරන මානව දයාව, සානුකම්පාව, පරාර්ථකාමය හා සංහිඳියාව යන ගුණාංග නගා සිටුවීමේ හැකියාව එතුමන් ගෙන ආ සාමයේ පණිවිඩයට සත්‍යය ලෙසින් හැකිවනු ඇත.
මෙම උතුම් දිනයේදී මුස්ලිම්වරුන් විවිධ වූ යහකර්මයන්හි නියැලීම සිරිතකි. එමනිසා අප සියලුම දෙනා එකිනෙකා අතර ඇත්තා වූ අවබෝධයෙන්, සාමුහික එකමුතුභාවයෙන් යුතුව සහෝදරත්වයෙන් බැඳී අන් අයගේ හැඟීම්වලට ගරු කරමින් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
කොවිඞ් වසංගතය හේතුවෙන් අපගේ දේශයේ බොහෝමයක් ජනයා ආර්ථික තත්වයෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙම උතුම් දිනයේදී අවශ්‍යතා ඇත්තා වූ ජනයා හට ජාති ආගම් භේදයකින් තොරව අතහිත දෙමින් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. තවද, භයානක වූ මෙම කොරෝනා වසංගතය අප දේශයෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම ඉක්මණින් තුරන් වී සැමට සමෘද්ධිමත් ජීවිතයක් උදා වීමට ප්රාර්ථනාවන්හි නිරත වන මෙන්ද සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.
අපගේ මාතෘභූමියෙහි සාමය, ශාන්තිය හා ජනකොටස් අතර සුහදත්වය පැවතිය යුතු යැයි මෙම විශේෂ දිනයෙහි අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
ACJU/GEN/01-18/001
2018.01.22/ 1439.05.04
පළාත් සභා මැතිවරණය : ඡන්ද දායකයින් හා ඡන්ද අපේක්ෂකයින් දැනගැනීම පිණිස
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මග පෙන්වීම
පළාත් සභා මැතිවරණය ආසන්න වෙමින් පවතියි. මැතිවරණ පිටියද දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. මෙවන් තත්ත්වයක ඡන්ද දායකයින් මෙන්ම ඡන්ද අපේක්ෂකයින් විසින්ද අනුගමනය කළ යුතු ආචාර ධර්ම ගැන පැහැදිලි කිරීම අපගේ වගකීමක් යැයි අප විශ්වාස කරමු. සියල්ලට ප්‍රථම රටේ දියුණුව වෙනුවෙන් සිදු කරන දායකත්වයක් ලෙසින් මැතිවරණ සියල්ල අප බැලිය යුතුය යැයි සඳහන් කරන්නට කැමැත්තෙමු.
අපගේ මව්බිමේ සාරධර්ම මුල් කරගත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට හා යහපාලනයක් සඳහා වන අස්තිවාරමක් යෙදීමට සහය දැක්වීම පිණිස ලැබී ඇති අගනා අවස්ථාවක් යැයි එළඹෙන පළාත් සභා ඡන්ද විමසීම විස්තර කළහොත් එය නිවැරදි යැයි අප සිතමු.
මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම යනු ‘නිර්දේශ කිරීම’ හෙවත් ‘ෂෆාඅත්’ යැයි ඉස්ලාමීය කෝණයෙන් නිර්වචනය කරනු ලබන කි්රයාවකි. එමෙන්ම ‘වකාලත්’ හෙවත් ‘වගකීම භාර දීම’ ලෙසින්ද මෙය හැඳින්විය හැකිය. මේ සියල්ලට වඩා මෙය ඉස්ලාමීය කෝණයෙන් ‘ෂහාදත්’ නම් වන සාක්ෂි දැරීමකි. නුසුදුසු පුද්ගලයෙකු හෙවත් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම අසත්‍ය සාක්ෂි කීමට සමාන වරදක් වනු ඇත. එය අසත්‍ය සාක්ෂියක් නොවී සත්‍යය සාක්ෂියක් වීමට පහත කරුණු වෙත ඡන්ද දායකයින් සිය අවධානය යොමු කළ යුතුය :
කෙටියෙන් කිවහොත් අපගේ ඡන්දය ලබා දිය යුත්තේ යහපත් චර්යා ඇති උගත් නැණවත් හා හැකියාව ඇති හා රටේ පොදු යහපත ගැන සිතන අපේක්ෂකයින්ටය.
පහත කරුණ වෙත ඡන්ද අපේක්ෂකයින් සිය අවධානය යොමු කළ යුතුය :
අවසාන වශයෙන් සියලුම අවස්ථාවල හා තත්ත්වයන්හි අල්ලාහ්ට බියබැතිව කටයුතු කිරීමට අප සියල්ලන්වම අල්ලාහ් සෘජු මග ගමන් කරවා අපගේ යහකි‍්‍රයා සියල්ල පිළිගනිත්වා.
අෂ් ෂෙයික් ඒ. සී. අගාර් මුහම්මද්
නියෝජ්‍ය සභාපති / දේශපාලන අංශය භාර ප්‍රධානි
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා