29.10.2019
මුළු ලොවටම පිළිලයක් ලෙසත් ඉස්ලාම් ධර්මයහි වූ දයාව, ආදරය, කරුණාව, ගෞරවය, බල නොකිරීම වැනි ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් විකෘති කර අන්තවාදී සාහසික දේශනා තුළින් ලේ වැගිරවීම් කලාවූත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා යැයි කියැවෙන අබුබකර් අල්-බග්දාදී නැමැත්තා මරණයට පත්ව ඇති බව දැනගැනීමට ලැබීම ශ්‍රී ලංකාවේ ඇතුළුව සකල ලෝකවාසී මුස්ලිම් ජනයාටම ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත.
2015 වසරේදීම, මෙම ISIS ත්‍රස්ත සංවිධානය හා ඉස්ලාම් ධර්මය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව (ACJU) ඇතුළු ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව විසින් සිදු කරනු ලැබූ ඒකමතික ප්‍රකාශය ගැන සියලු දෙනාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.
ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ද පොළඹවාලීම් සහ අවාදර්ශයන් ලබා දුන්නේ යැයි සැක කරන මෙම ත්‍රස්ත සංවිධානයේ මූලිකයාගේ අවසානය ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම යම් අයුරකින් අස්වැසිල්ලක් වනු නියතය.
එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන්ගේ මළ සිරුරු කොටස් පවා ඉස්ලාමීය දේවස්ථානවලට හෝ සුසාන භූමි වෙත භාර නොගැනීමට සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව උපදෙස් දුන් බව ද මතක් කරනු කැමැත්තෙමු.
තවද, මෙවන් ප්රචණ්ඩ, අන්තවාදී සහ ත්‍රස්ත ක්‍රියාකාරකම්, දෘෂ්ටිවාදයන් සහ පෙළඹවීම් වලින් ඈත් වීමටත් ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් තවදුරටත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම සහයෝගය ලබා දීමටත්, ප්‍රජාවන් තුළ අන්තවාදය පෝෂණය කරනවුන් ගැන විමසිල්ලෙන් සිටින ලෙසත් සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සභාව ශ්‍රී ලංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
අෂ්-ෂෙයික් එම්.එම්. අහ්මද් මුබාරක්
ලේකම්
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය