මාධ්‍ය වාර් තාව

26.12.2018

බුදු පිළිමයට හානි කිරීම සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි

දින කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ ආගම අපහාසයට ලක් කිරීමේ ක්‍රියාදාමය සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි.

මෙරටේ ජීවත් වන බහුතර බෞද්ධ ජනතාවගේ වන්දනාවට ලක්ව පවතින බුද්ධ ප්‍රතිමාවට හානි කිරීම ජාතීන් අතර පවතින සහජීවනය හා අවබෝධය පළුදු කරන ක්‍රියාදාමයක් ලෙස සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය දකියි. මෙලෙස ප්‍රතිමා විනාශ කිරීම හෝ ඒවා අපහාසයට ලක් කිරීම ඉස්ලාමීය ඉගැන්වීම නොවන බව තරයේ පවසා සිටින්නට කැමත්තෙමු.

බෞද්ධ ජනතාව බහුතරයක් ලෙස ජීවත් වන මෙරටේ මුස්ලිම් හින්දු හා කිතුනු යන සියලු ජනයා භේදයකින් තොරව එකට එක්ව අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව තමතමන්ගේ ආගමික ඉගැන්වීම් පිළිපදිමින් ජීවත්ව එන පසුබිමක මෙවැනි ක්‍රියාදාමයන් අනවශ්‍ය ගැටලු ඇති වීමට හේතුවක් වනු ඇත.

එහෙයින් මෙම කටයුත්ත කවර කෙනෙකු විසින් සිදු කර තිබුණද ඔවුන් නීතිය හමුවේ ගෙනැවිත් ඔවුනට නිසි තීන්දුවක් නිසිලෙස ලබා දී මෙවැනි ක්‍රියාදාමයන් ඉදිරියට සිදු නොවන්නට සුදුසු ක්‍රියාමාර් ග ගන්නා මෙන් ද මෙය හේතුවක් කර ගනිමින් ප්‍රචණ්ඩත්වය ඇවිළීම වළක්වන මෙන් ද ගරු ජනාධිපතිතුමාගෙන් ද, අගමැති තුමාගෙන්ද, පොලිස්පති තුමා ගෙන්ද සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය ඉල්ලා සිටියි.

 

 

අෂ්-ෂෙයික් එම්.එම්. අහ්මද් මුබාරක්

ලේකම්

සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය

2018.03.22

ප්‍රශ්නයන් ඇති වන සෑම විටකම මුස්ලිම්වරුන් වන අප ශුද්ධ වූ අල් කුර්ආනය, නබිතුමන්ගේ වැකි වලට අනුව හා එතුමන්ගේ සත්‍ය සහගාමීන්ගේ ආදර්ශයන් මගින් නිසි අවබෝධය ලබා ගෙන කටයුතු කිරීම ඔස්සේ එම ප්‍රශ්නවලට පිළියම් සොයා ගැනීමට හැකි වේ යනුවෙන් සෑම මුස්ලිම්වරයෙකුම තම සිත තුල පතිත කර ගත යුතු වේ.  

විවිධාකාර ජාතීන් හා ආගමිකයන් අතර ජීවත්වන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සාමුහික සහජීවනය පවත්වාගෙන  සුහදත්වයෙන්  කටයුතු කර ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරයි. මෙම අකාරයට ඉදිරයේදී ද කටයුතු කළ යුතුයි යනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය අවධාරණය කරයි.   

අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයන් පරිහරණය කරන විට අප ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුය. පසු ගිය දිනයන්හි නුවර ප්‍රදේශයේ සිදු වූ කෝලාහලකම්  නිසා සහ්රාන් මව්ලවි නැමැත්තා විසින් අනෙකුත් ආගමිකයන්ට අපහාස කර ශුද්ධ වු අල් කුර්ආන් වැකියන් හුවා දක්වා ඉතා ඉක්මනින්ම යුද්ධයකට ජනතාව සුදානම් වන්න යනුවෙන් පවසා ඇති වීඩියෝ පටය සමාජ මාධ්‍යයන් තුළ දැක ගැනීමට හැකිය. මෙම පුද්ගලයාගේ මෙම කලහකාරී ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය තරයේ හෙළා දකියි. මෙවන් ප්‍රශ්නසහගත අවස්ථාවන්වලදී සුළුතරයක් වූ මුස්ලිම්වරුන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව ඉස්ලාමීය විද්වතුන් විසින් ඉස්ලාමීය නිවැරදි මග පෙන්වීම්  අපට ලබා දී ඇත. 

ප්‍රශ්න සහගත අවස්ථාවන් වලදි මෙවැනි විඩියෝ පට අපගේ සමාජය වැරදි මාර්ගයට යොමු කරාවි. එම නිසා ප්‍රශ්න සහගත අවස්ථාවන් වලදී රටේ නීතියට ගරු කරමින් තමන්ව හා තමාගේ දේපළ ආරක්‍ෂා කර ගැනීමට ආත්ම ආරක්‍ෂාව තහවුරු කර ගැනීම අප සියලු දෙනාගේම වගකීම වේ.

ප්‍රචන්ඩත්වය හා ප්‍රශ්නයන්ව දැඩිව හෙළා දකින ඉස්ලාමය අනෙකුත් ආගමිකයන් සමග කටයුතු කළ යුතු ආකාරය ද පෙන්වා දී ඇත. එලෙසම ජීහාද් පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය විසින් ප්‍රකාශයට පත් කර  ඇත. එම නිසා මෙවැනි වීඩියෝ පට හා ප්‍රචාරයන් අපව තව තවත් අනවශ්‍ය කෝලාහලකම් වලට මං පාදන නිසා එවැනි දේවල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී ක්‍රියා කරන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය ඉල්ලා සිටියි.

 

 

අෂ්-ෂේක් එච්. උමර්දීන්

ලේකම් (ප්‍රචාරක කමිටුව)

සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංගමය         

06.03.2018 (17.06.1439)

පසුගිය 2018 මාර්තු 3 වන දින මහනුවර ආසන්නයේ දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වුනු කලහකාරී තත්ත්වය නිසා ජීවිත මෙන්ම මුස්ලිම්වරුන්ට අයත් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ ද විනාශ කරන ලද ආකාරය අප කවුරුත් දනිමු.

මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට මුස්ලිම් ආගමික ප්‍රධානීන් හැකි සෑම උත්සාහයක් ගනිමින් සිටිති. තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා මෙන්ම එය දිවයිනේ අන් තැන්වලටත් පැතිරීම වළක්වන්නට කටයුතු කරන මෙන් රජයෙන් ද අදාළ වගකිව යුතු බලධාරීන් හා දේශපාලන නායකයන්ගෙන් ද අප සංගමය ඉල්ලා සිටින අතර ඒ අනුව අදාළ විවිධ පාර්ශව මෙය සම්බන්ධ ප්‍රයත්න වල යෙදෙමින් සිටිති.

අප සංගමයේ සාමාජිකයින් පෙර දින ගරු අග්‍රාමාත්‍යවරයා හමු වී තත්ත්වය ගැන සාකච්ඡා කළ අතර ජම්ඉයියතුල් උලමා මහනුවර ශාඛාව හරහා එම ප්‍රදේශයේ හානියට ලක් වුවන් හමු වී අවශ්‍ය මග පෙන්වීම් හා සහාය ලබා දීමට ද කටයුතු කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රමූඛ පුද්ගලයන් සමග එක්ව අප සංවිධානයේ සාමාජිකයන් ප්‍රචණ්ඩත්වයන් ඇති වුනු පෙදෙස්වලට ගොස් තත්ත්වය සියැසින් දැක බලා ගෙන අවශ්‍ය උදව් උපකාර ලබා දීමට පියවර ගනිමින් සිටිති. තත්ත්වය යහපත් අතට හරවන මෙන් ප්‍රාර්ථනා කරන මෙන් මුස්ලිම් ප්‍රජාව ඇතුළු පොදු ජනයාගෙන් අප සංගමය ඉල්ලා සිටියි.

තත්ත්වය තවත් අයහපත් අතට පෙරළිය හැකි හෝ රටේ අන් තැන්වලත් නොසන්සුන්කාරී තත්ත්වයන් උද්ගත විය හැකි ආකාරයේ ක්‍රියාවන්වල නොයෙදීමට අප කවුරුත් වගබලා ගත යුතුය. අප කවදත් යොමු විය යුත්තේ අල්ලාහ් දෙසට හා ඔහුගේ උදව් දෙසටය. එමෙන්ම ඇති වී තිබෙන හානිය නිසි පරිදි ලේඛන ගත කොට නීතිමය පියවර ගැනීමට හානියට පත් වූවන් ක්‍රියා කළ යුතුය. ඒ හැර නීතිය අතට ගැනීමට මුස්ලිම්වරුන් උත්සාහ නොකළ යුතුය. තමතමන්ගේ පෙදෙස්වල මෙන්ම පුද්ගලික ආත්මාරක්ෂාව ගැන ද විමසිල්ලෙන් සිටිය යුතුය. මෙම කාරණාවෙහි ඒ ඒ ගම්, නගරවල ප්‍රජාව ද මුස්ලිම් ප්‍රජා නායකයන් හා ආගමික ප්‍රධානීන් ද අදාළ පෙදෙස්වල ජම්ඉයියතුල් උලමා ශාඛාවේ ආගමික වියතුන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කරන මෙන් අප සංගමය ඉල්ලා සිටියි.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය සමතයකට පත් කිරීමට විවිධ වෑයම්වල යෙදී සිටින ජන නායකයන් හා ආගමික ප්‍රධානීන් සම්බන්ධ විවේචනාත්මකව අදහස් දැක්වීමෙන් අප වැළකී සිටිම නැණවත් වනු ඇත. එමෙන්ම තත්ත්වය සංකීර්ණ කළ හැකි විවිධ කටකථා සහ තහවුරු නොවුනු දූෂමාන සෘණාත්මක ආරංචි පැතිරවීමෙන් වැළකී සිටින මෙන් ද අප සංගමය ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. සැමගේම හදවත්වල අප ගැන යහපත් ආකල්පයක් ඇති කරන ලෙසින් අප ක්‍රියා කළ යුතු අතර ඒ සඳහා දෙවියන්ගෙන් නිතර ඇයැද සිටීමද වැදගත්ය. මන්දයත් මිනිසුන්ගේ හදවත් ඇත්තේ දෙවියන් සතුය. එනිසා අතීතයේ අප මෙරටෙහි වාසය කළා සේ සුහදශීලීව හා අන්‍යෝන්‍ය ගරුත්වයෙන් වාසය කළ හැකි වාතාවරණයක් රටේ නැවතත් උදාකර දෙන මෙන් අල්ලාහ්ගෙන් ඇයැද සිටින මෙන් අප සංගමය ඉල්ලා සිටියි.

 

 

අෂ් ෂෙයික් එම්. එම්. අහ්මද් මුබාරක්

මහලේකම්,

සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංගමය.

ඉස්ලාමය සාමූහික සහජීවනය අවධාරණය කරන දහමකි. මේ ආකාරයට සමාජීය සබැඳියාවට හානිකරන කිසිදු කි‍්‍රයාමාර්ගයක් ඉස්ලාම් ධර්මය අනුමත නොකරයි.

ධර්මයන් අතර අනවශ්‍ය ප‍්‍රශ්නයන් ඇති කරන ආකාරයට මුස්ලිම්වරු කි‍්‍රයා නොකළ යුතු අතර අන් ආගමික සහෝදරයන්ගේ ආගමික අගයන් වලට ගරු කළ යුතුයි යනුවෙන් ද ඉස්ලාමය උගන්වා දෙයි.

ඉස්ලාමයට එරෙහිව කටයුතු කරන බලවේගයන් කි‍්‍රයාත්මක වන විටදී ඔවුන් කි‍්‍රයාත්මක වන ආකාරයටම මුස්ලිම්වරු කි‍්‍රයා කිරීම ඉස්ලාමය අනුමත නොකරයි. අයහපත් කි‍්‍රයාවන් යහපත් කි‍්‍රයාවන් මගින් වලක්වන ලෙසට ද අයහපත පෙන්වාදෙන විටදී මෘදු භාවයෙන් කතා කරන ලෙසට ද අන් ආගමික සහෝදරයන්ගේ සිත් නොරිදවන ආකාරයට වදන් භාවිත කරන ලෙසට ද ඉස්ලාමය මගපෙන්වා දෙයි.

අනෙකුත් ධර්මයන් විවේචනය කිරීම ඉස්ලාමය දැඩිව හෙළා දකින අතර අනෙකුත් ආගමික නායකයන් සමග ගෞරවයෙන් කටයුතු කිරීමට ඉස්ලාමය මගපෙන්වා දෙයි. ඉස්ලාම් ධර්මයේ මෙම ඉගැන්වීම් උදාසීන වන ආකාරයට ලිවීම ද කතා කිරීම ද සමාජ ජාලයන් භාවිත කිරීම ද අප දැඩිව හෙළා දකින්නෙමු.

 ඕනෑම මුස්ලිම්වරයෙකු අනෙකුත් ආගමකට හෝ ආගමික නායකයන්ට අගෞරව කරන ආකාරයට අදහස් ඉදිරිපත් කිරීම අප හෙළා දකින අතර මෙම ක‍්‍රමවේදය ඉස්ලාමීය ඉගැන්වීම් වලට  සම්පූර්ණයෙන්ම පටහැනි යැයි විවෘතව ප‍්‍රකාශ කරන්නෙමු.

තවද ඉස්ලාමයට ද මුස්ලිම්වරුන්ට ද මුස්ලිම්වරුන්ගේ ශුද්ධ ග‍්‍රන්ථය වන අල් කුර්ආනයට ද අපහාසාත්මකව සිදු කරන සෑම කටයුත්තක්ම අප හෙළා දකින අතර මෙවැනි දෑ සඳහා ඉදිරිපත් වන පුද්ගලයන්ට විරුද්ධව නිසි පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙලෙස නීතියට හා සාමූහික සංහිදියාවට පටහැනිව කරන්නා වූ කි‍්‍රයාවන් නැවැත්වීමට නීතියේ හස්තය ඉදිරිපත් නොවුවහොත් මාතෘ භූමියට ද අපගේ සහෝදර වැසියන්ට ද හානිකර බලපෑම් ඇති විය හැකි වේ.

තවද ජාතීන් අතර ඇති විය හැකි මතභේදයන් හදුනාගෙන ඒවා නැතිකර දැමීමට රජය අවධානයෙන් කි‍්‍රයා කළ යුතු අතර මුස්ලිම්වරුන් සම්බන්ධ කරුණු ගැන ඉස්ලාමීය විද්වතුන් හා  මුස්ලිම් සමාජයේ නායකයන් සමග සංවාදයේ නිරත වීම මගින් යහ ප‍්‍රතිඵලයන් රජයට ලබා ගත හැකි යනුවෙන් ද අප අවධාරණය කරන්නෙමු.

All Ceylon Jamiyyathul Ulama - ACJU 

All Ceylon Young Muslim Men’s Association Conference - YMMA

Sri Lanka Jama'athe Islami – SLJI

All Ceylon Thowheedh Jama’ath –ACTJ

Muslim Council of Sri Lanka - MCSL

National Shoora Council – NSC

Sri Lanka Islamic Center

Sri Lanka Islamic Student’s Movement

All Ceylon Union of Muslim League Youth Fronts - ACUMLYF

World Assembly of Muslim Youth – WAMY

Jama'ath Ansaris Sunnathil Mohammadiyya - JASM

Jama’athus Salama

International Islamic Relief Organization- IIRO

Association of Muslim Youth of Sailan (Sri Lanka) - AMYS

Colombo District Masjid Federation – CDMF

Sri Lanka Shariee’ah Council

Al Hikma Welfare Association

All Ceylon Muslim Educational Conference - ACMEC

Jama’ath ut Thowheed

Rapid Response Team - RRT

Sri Lanka Muslim Media Forum – SLMMF

All University Muslim Students Association - AUMSA

Advocacy & Reconciliation Council