2019.05.28 (1440.09.22)
රමළාන් උත්සවය සම්බන්ධ මගපෙන්වීම්
රටේ පවතින අසාමාන්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුනගේ සම්මේලනය (ජම්යියතුල් උලමා සම්මේලනය) ලාංකික මුස්ලිම් ජනයාට පහත උපදෙස් ඉදිරිපත් කරයි,
දයාව හා පරෝපකාරය උනන්දු කරන මෙම සුවිශේෂී මාසයේ අප සිදු කරන ආගමික් වතාවත් වන්දනා මාන හා දන්දීම සියල්ල අල්ලාහ් දෙවියන් පිළිගෙන ඒවායෙහි මහිමයෙන් රටේ ව්‍යාකූල තත්ත්වය ඉක්මනින්ම පහ වී නැවතත් අපගේ මාතෘභූමියට සතුට සැනසීම හා අභිවෘධිය ඇති කරත්වා.
වස්සලාම්
අෂ් ෂෙයික් එච්. උමර්දීන්
ලේකම්,
ප්රචාරක කමිටුව,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)
2019 මැයි මස 22
අනුස්මරණ දිනය සහ ඉදිරියට කළ යුතු දේ
2019 අප්‍රේල් මස 21 වන දින අප කිසිවෙකුට අමතක කළ නොහැකි දිනයකි. පල්ලිවල ආගමික වතාවත්වල යෙදී සිටි කතෝලික බැතිමතුන් හා හෝටල් කිහිපයක උදේ ආහාර ගනිමින් සිටි අහිංසකයන් සිය ගණනක් කුරිරු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ඝාතනය වුයේ මෙම දිනයේය. මෙම අමානුෂික ඝාතන පෙළ සිදු කළ කුරිරු පුද්ගලයන් කිහිප දෙනා ‘මුස්ලිම්’ යැයි තමන්ව හඳුන්වා ගත් හෙයින් මෙය සම්බන්ධව, කවදත් සාමය අගයන ලාංකික මුස්ලිම් ප්‍රජාවට ඇති වුයේ දැඩි අසීරුතාවක් හා දැරිය නොහැකි කම්පාවකි. ඒ අනුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය නොහොත් ජම්යියතුල් උලමා සම්මේලනය ප්රමුඛ මුළු මහත් ලාංකික මුස්ලිම් ජනයා සිය සංවේගය හා කණගාටුව නැවතත් ප්‍රකාශ කර සිටිති.
අයි.එස්. ත්‍රස්ත කල්ලිය බිහි වු පසු 2014 වසරෙහි ලොව සියල්ලන්ටම ප්‍රථමයෙන් එය හෙළා දුටු ආගමික සංවිධානය වුයේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනයයි. එවක පටන් එම බිහිසුණු ත්‍රස්ත කල්ලියේ අමානුෂික ක්‍රියාකාරකම් විටින් විට දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් ඔවුන්ගේ ක්‍රියා සහ ඉස්ලාම් ධර්මයේ ඉගැනුම්වලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවද ඒ අනුව අයි.එස්. ත්රස්තවාදීන් මුස්ලිම් නොවේය යැයිද අප අවධාරණයෙන් ප්‍රකාශ කරමින් සිටියෙමු. මන්දයත් අන්තවාදය, ප්රචණ්ඩත්වය හෝ මරාගෙන මැරෙන ඇතුළු අන් සියලුම ආකාරවල ත්‍රස්ත ප්‍රහාරවලට කිසිසේත් ඉස්ලාමය අනුබල නොදෙන හෙයිනි.
වසර දහසකට අධික කාලයක් මුළුල්ලේ මුස්ලිම් ජනයා මෙරට බහුතර සිංහල සහෝදර සහෝදරියන් සමග සාමයෙන් හා එක්සත්ව වාසය කරමින් සිටින බව ප්‍රකට කරුණකි. අප්‍රේල් ප්‍රහාර මාලාවේ කම්පනය නිසා මුස්ලිම්වරුන් වශයෙන් සහෝදර ජනතාව අතර සබඳතාව වඩාත් ශක්තිමත් කිරීමටත් විවිධ ජනකොටස් සමග වඩාත් සමීප වීමටත් වූ අධිෂ්ඨානය තර වී ඇත. ජාතීන් අතර වන මෙම සංහිඳියාව තවතවත් ශක්තිමත් කරන්නට මුස්ලිම් අප සැම විශේෂයෙන් කැපවීමකින් කටයුතු කළ යුතු අවදිය මෙයයි. ඒ අනුව පහත කරුණු ගැන සැළකිලිමත් වන මෙන් ලංකාවාසී මුස්ලිම්වරුන්ගෙන් සහ මස්ජිද්වල භාරකරුවන්ගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.
එමෙන්ම ප්‍රහාර නිසා හානියට හා දුකට පත්ව සිටින සියළුම පවුල් වෙනුවෙන්ද අපගේ මව්බිමේ පවතින ව්‍යාකූලතා සියල්ල පහ වී නැවතත් සාමයේ හා අභිවෘධියේ මාවතේ ලක්මව ගමන් කරවිය යුතු යැයි ද නිතිපතා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
ගරු මුෆ්ති එම්.අයි. එම්. රිස්වි ගරු අෂ් ෂෙයික් අගාර් මොහමඩ්
සභාපති, නියෝජ්‍ය සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU) සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සම්මේලනය (ACJU)
15.05.2019 (08.09.1440)
මුස්ලිම්වරුන් සඳහා වන වැදගත් මාර්ගෝපදේශ කිහිපයක්
රටෙහි පසුගිය දින කිහිපය තුල සිදුවුනු සිද්ධි නිසා උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අප සංගමය මෙන්ම අනෙකුත් මුස්ලිම් සිවිල් සංවිධාන දිගින් දිගටම සාකච්ඡුා පවත්වමින් ඒ ඒ අවස්ථාවලට සුදුසු මගපෙන්වීම් ලාංකික මුස්ලිම් ජනයාට ලබා දෙමින් සිටියේය.
තවද මෙම කාර්යභාරය සංකීර්ණතාවලින් තොරව ඒකාකාරීව හා එක්සත්ව සිදු කිරීම සඳහා තිබෙන්නා වු මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධාන සියල්ල එක්ව පොදු කමිටුවක් ස්ථාපිත කර ඇත. මෙම පොදු කමිටුවේ කි‍්‍රයා පටිපාටියක් අනුව අවශ්‍ය හා හදිසි අවස්ථාවල අතිගරු ජනාධිපතිවරයා, ගරු අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අංශවල ප්රාධානීන් සමග සම්බන්ධ වී කරුණු පැහැදිලි කිරීම් සිදුකර නිසි පියවර ගැනීම සඳහා ඔවුන්ට පුර්ණ සහය ලබා දෙනු ලැබේ.
පසුගිය අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරු දින සිදු කරන ලද අමානුෂික ත්‍රස්ත ප්‍රහාර රැුල්ල මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම දැඩි කම්පාවට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ තිබෙන සියලූ මුස්ලිම් සංවිධාන ප්‍රමූඛ දිවයිනේ පැතිරී වාසය කරන සමස්ත මුස්ලිම් ජනතාවම මෙම කුරිරු කි‍්‍රයාවලට එරෙහිව සිය හෙළා දැකීම එක හඬින් ප්‍රකාශ කර සිටියහ. එපමණක් නොව එවන් ම්ලේච්ඡු කි‍්‍රයාවල යෙදී සිටියවුන් හා යෙදෙන්නට හැකිය යැයි සැක සිතුනු පුද්ගලයන් හා ස්ථාන ගැනද නොපමාව ආරක්ෂක අංශවලට දැනුම් දී ඔවුන් කොටු කර ගැනීමටද මුස්ලිම්වරුන් සම්පුර්ණ සහය ලබා දුන්හ. මුස්ලිම්වරුන්ගේ මෙවන් සහය නොතිබෙන්නට සිදු වුවාට වඩා අති දැවැන්ත විනාශයක් අප රටට ඇති වන්නට තිබුනු බව ආරක්ෂක අංශ ප්‍රධානීන් පවා ස්තූති මුඛයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි බව ප්‍රකට කරුණකි. දේශයේ සාමය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවය රැුක ගැනීම සඳහා එදත්, අදත්, ඉදිරියටත් දේශ හිතෛෂී ලාංකික මුස්ලිම් ජනයාගේ සම්පුර්ණ සහයෝගය රජයට හා ආරක්ෂක අංශවලට ඒකාන්තයෙන්ම තිබෙනු ඇත. මන්ද යත් අහිංසකයන් ඉලක්ක කර ගෙන සිදු කරන කිසිදු ප්රචණ්ඩ කි්රයාවක් ඉස්ලාමය කිසිසේත් අනුමත නොකරන හෙයිනි. මග වරදවා ගත් හෝ වෙනයම් දුෂ්ට බලවේගවල ඉත්තන් ලෙසින් මෙහෙයවනු ලැබු මුස්ලිම් නමින් පෙනී සිටි අතලොස්සක් පුද්ගලයන් විසින් සිදු කරනු ලැබු වනචාරී කි‍්‍රයාවලට මුළු මහත් ලාංකික මුස්ලිම් ප්‍රජාවටම චෝදනා එල්ල කිරීම හෝ තවත් ඉදිරියට යමින් කිසිදු වරදක් නොකළ මුස්ලිම් ජනයාට හිරිහැර කිරීම, ඝාතනය කිරීම හෝ ඔවුන්ගේ නිවාස, දේපළ, ව්‍යාපාර සුනුවිසුනුකර ගිනි බත් කිරීම කොහොත්ම සාධාරණ විය නොහැක. රජය හා ආරක්ෂක අංශද දිගින් දිගටම අවධාරණ කරමින් සිටින්නේද මෙයම බැවින් මෙම තත්ත්වය නොබෝ දිනකින් සමනය වනු ඇතය යනු අපගේ විශ්වාසයයි, අපගේ පැතුමයි.
මෙවන් තත්ත්වයක පහත කරුණු සැලකිල්ලට ගනිමින් ඉවසීමෙන් කටයුතු කරන මෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංගමය ලාංකික මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි,
01. සියලූම තත්ත්වයන්හිදී සිරිත් පරිදි මුස්ලිම්වරුන් යොමු විය යුත්තේ අල්ලාහ් දෙසටය හා කන්නලව් කළ යුත්තේ ඔහුටය. අල්ලාහ්ගේ පිහිට හා ආරක්ෂාව ලබනු පිණිස සලාතය, උපවාසය, ප්‍රාර්ථනාව, දානය හා සමාව අයැදීම වැඩි වැඩියෙන් සිදු කළ යුතුය.
02. මෙම අර්බුදකාරී වාතාවරණයෙහි කලකිරීමට, කලබලයට හෝ බියට පත් නොවී පැහැදිලි මනසින් හා තියුණු විමසිල්ලෙන් මුස්ලිම්වරුන් නැණවත් ලෙසින් කටයුතු කළ යුතුය.
03. මේ රටේ වැසියන් ලෙසින් ලාංකික මුස්ලිම්වරුන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර දීම රජයේ වගකීමකි. එය එලෙසින්ම සිදු වනු ඇත යැයි අප විශ්වාස කරන අතර අප පවතින නීතියට හා රජය විසින් අවස්ථානුකූලව සිදු කරන නව නිර්දේශවලට ගරු කරමින් අප අකුරටම නීතිය පිළිපැදිය යුතුය.
04. විශේෂයෙන් දැනට හදිසි නීතිය කි‍්‍රයාත්මක කර ඇති බැවින් එය ගැන අවශ්‍ය පමණ දැනුවත් වී සංවර ජනකොටසක් ලෙසින් ඒ අනුව කි‍්‍රයා කළ යුතුය.
05. සමාජ ජාල ඔස්සේ තමන්ට ලැබෙන ඕනෑම හා සියලූම පුවත් කිසිදු වගවිභාගයකින් තොරව අන් අයට යැවීමෙන් වැළකී සිටිය යුතුය. වගකීමෙන් තොරව කි‍්‍රයා කිරීම නිසා අතීතයේ ඇතිවු වුනු විනාශකාරී ප්රතිවිපාකවලින් පාඩම් ලැබ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.
06. තමන් වාසය කරන ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජා නායකයන් හා ආගමික ප්‍රධානීන්ගේ උපදෙස් අනුව ඔවුන්ට කීකරුව කටයුතු කළ යුතුය.
07. පවතින අසහනකාරී තත්ත්වයෙන් මිදීමට හා රටේ සාමය ඇති වනු පිණිස පස්වේල සලාතයෙහිම කුනූත් අන්නාසියා ප්‍රාර්ථනාව සිදු කර අල්ලාහ්ගේ උදව් පැතිය යුතුය. දිනකට පස්වේලම මෙය සිදු කළ යුතු බැවින් බැතිමතුන්ට අසීරුතා ඇති නොවන ආකාරයෙන් ජමියතුල් උලමා සංගමය පෙන්වා දී ඇති පරිදි එම ප්‍රාර්ථනාව කෙටි කර ගත යුතුය.
08. මේ රටේ බහුතර සිංහළ ජනයා සාමය හා රටේ අභිවෘධිය ගැන සිතන යහපත් හා කරුණා ගුණයෙන් යුත් පර සත්කාරය විෂයයෙහි ලෝ ප්‍රකට ජන කොටසක්ය යන කරුණ අමතක නොකර අතීතයේ ඔවුන් සමග කටයුතු කළා සේම ඉදිරියටත් සුහද ආකාරයෙන් කටයුතු කළ යුතුය.
09. තමන් වාසය කරන පෙදෙස්වල ආගමික හා සමාජ ප්‍රධානීන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ප්‍රදෙශයේ සාමය හා සංහිඳියාව රැුක ගැනීමට සහය විය යුතුය.
හස්බුනල්ලාහු වනිඃමල් වකීල් - අල්ලාහ්ම අපට ප්රමාණවත්ය. විශිෂ්ඨතම රැුකවලා ඔහුමය.
වස්සලාම්
අෂ් ෂෙයික් අගාර් මුහම්මද්
නියෝජ්‍ය සභාපති
සමස්ත ලංකා ජම්ය්යතුල් උලමා සංගමය
25.04.2019
ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑම
වගකීම් සහිත රටවැසියන් හැටියට අපගේ මාතෘභූමිය ආරක්ෂා කිරීමටත්, සාමය හා නිසි පාලනය පවත්වාගෙන යෑමටත් මුස්ලිම්වරුන් වන අපි බැඳී සිටින්නෙමු. ආරක්ෂක අංශ හා නීතිය පවත්වාගෙන යෑමට ඇති ආයතන සමග පුර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි සැමගෙන් ඉල්ලා සිටින්නෙමු. විශේෂයෙන් ම සියළු සහෝදරියන්ගෙන් ඉතා බලවත් ලෙස ආයාචනා කොට සිටින්නේ දැනට අප රටේ ඇතිවී ඇති හදිසි හා බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන කෙනෙකුගේ අනන්‍යතාව අවශ්‍යය වන තත්ත්වයකදී ආරක්ෂක අංශ මුහුණ පාන දුෂ්කර තත්ත්වය අවබෝධ කර ගෙන කටයුතු කරන ලෙසය. එහෙයින් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අපගේ සහෝදරියන් විසින් මුහුණු ආවරණය (නිකාබ්) පැළඳීමෙන් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑමට සිටින ආරක්ෂක අංශයන්ට බාධාවක්වන අයුරින් කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
එලෙසම සෑම අයෙකුම තමන්ගේ ජාතික හැඳුනුම් පත අවශ්‍ය අවස්ථාවකදී නිළධාරීන් වෙත ඉදිරිපත් කිරීම පිණිස තමන් භාරයේ තබා ගන්නා ලෙස උපදෙස් දෙන්නෙමු.
අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්
ලේකම් - ෆත්වා අංශය,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ (ACJU) විශේෂ නිවේදනය
2019 අප්‍රේල් මස 21 වැනි ඉරුදින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර ලාංකික මුස්ලිම් ප්‍රජාව හැටියට තරයේ හෙළා දකින්නෙමු.
එක් ජීවයකට හානියක් කිරීම මුළු මහත් මිනිස් සංහතියටම හානියක් කළ හා සමානයි යැයි උගන්වන ඉස්ලාමය මෙවැනි කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාවන් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මෙවන් කෲර ක්‍රියාවන් හි නියැලෙන්නන් ඉස්ලාමය හා කිසිම සම්බන්ධයක් නොමැති බවත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් තරයේ පවසා සිටින්නෙමු.
ඊයේ දින දින සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වී ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුලේ උදවිය හා තුවාල ලැබූ සියලුම සහෝදර ජනතාව සමඟ ඔවුන්ගේ දුක බෙදා හදා ගන්නා ලෙසත් හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන ලෙසත් දිවයින පුරා ඇති සියළුම මුස්ලිම් දේවස්ථාන වල භාරකාර මණ්ඩල වලින් අප සංගමය ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
එහෙයින් පහත නිර්දේශිත කරුණු ඔස්සේ ක්‍රියාකරන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.
1) මෙවන් කෲර ක්‍රියාවන්ට සම්බන්ධ ත්රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක අංශයන්ට පූර්ණ සහය ලබාදෙන ලෙස සියලුම මුස්ලිම් වරුන්ගෙන් ඉල්ලා සිටිමු.
2) මෙම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට භාජනය වූ සියලුම ප්‍රදේශයන්හි ආගමික නායකයින් හා එක්ව, පීඩාවට පත්වූවන්ට අස්වැසිල්ලක් වන පරිදි සහය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
3) පීඩාවට පත්වූවන්ට තම ශ්‍රමයෙන් හා ධනයෙන් හැකි අන්දමින් උදව් උපකාර කරන ලෙස අප ඉල්ලා සිටිමු.
4) පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා සියලුම මුස්ලිම් දේවස්ථාන තුළින් ධන පරිත්‍යාග රැස් කර නිසි අයුරින් බෙදාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
5) පීඩිත ජනතාව විසින් තමන්ගේ කම්පනයත් සමග යම්කිසි වේදනාකාරි අයුරින් ප්‍රකාශයක් හෝ හැසිරීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳව ඉතාමත් සාවධානව ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්වේ
6) එම ත්‍රස්තවාදී ක්‍රියාව හෙළා දකිමින් සහ පීඩිත ජනතාවට අස්වැසිල්ලක් වන පරිදි බැනරයක් සෑම මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට ම ප්‍රදර්ශනය කරන ලෙසත් ශෝකය ප්‍රකාශ කරමින් සුදු කොඩියක් ඔසවා තබන ලෙසත් ඉල්ලා සිටිමු.
7) එළඹෙන ඉරිදා දිනයේ දී කිතුනු සහෝදරයින් දේව මෙහෙයට සහභාගී වන අවස්ථාවේදී, ඔවුන්ට එරෙහිව සිදු කල මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දකිමින් සහ අපගේ සහෝදරත්වය විදහා දක්වමින් හැකි පමණින් එම දේවස්ථාන පරිශ්‍රයට එක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි.
අෂ් ෂෙයික් එච්. උමර්දීන්
ලේකම්ප්රචාරක අංශය
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය
මාධ්‍ය ප්‍රකාශය - 12.07.2017
2017 ජූලි 09 ඉරිදා දින මව්බිම පුවත්පතෙහි පල වූ ”ගුවන් විදුලි සංස්ථාවේ අයුතු වැඩ” සම්බන්ධවයි
2017 ජූලි 09 ඉරිදා දින මව්බිම පුවත්පතෙහි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනාවරණය කොට තිබෙන මෙගා හර්ට්ස් 102.1 නාළිකාව ඔස්සේ අන්තවාදි වැඩසටහන් පවත්වාගෙන යන්නේ යැයි සිදු කර ඇති ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය වන අප එය විශ්වාස නොකරන්නෙමු. එවැනි අසත්‍ය ප්‍රකාශයක් එතුමා සිදු කර ඇත්නම් එයද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වශයෙන් අප තරයේ ප්රතික්ෂ්ප කරන්නෙමු.
1956 සිට නොමිලේ විකාශය වු මෙම සේවාව මෑත කාලයේදී වාණිජ සේවාවක් ලෙසට පත් විය. නමුත් මුස්ලිම් ජනයා එම සේවාව ලබා ගැනීම සඳහා එයට දායක්වය ලබා දීම අප සියලු දෙනාටම නොරහසකි. එම වැඩසටහන පසු ගිය අවුරුදු 65 කට අධික කාලයකට වඩා පැවත ඒම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් සමාජයට කළ මහගු සේවාවක් වේ. මෙම කාර්යභාරය නිසා මුස්ලිම් සමාජය සෑම දිනකම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට හා රජයට තමන්ගේ තුතිය පුද කරයි. තවද මෙම සේවාව මගින් මුස්ලිම් සමාජයට පමණක් නොව අපගේ අන් ආගමික සහෝදරයින් හටද ප්‍රයෝජනය ගෙන දෙන වැඩසටහන සිදු කරන අතර ඔවුන් විසින් එය අගය කොට සැලකූ බව අපට අසන්නට ලැබුනි.
මෙකි වැඩසටහන් ඉතා සාර්ථකව පැවැත්වෙන කාලවකවාණුවක එය නවතා දැමීමට සිදුකරන කුමන්ත්‍රණයක් දෝ යන සැකය අපට මතු වී ඇත. එම නාලිකාවෙහි වැඩසටහන් සිදු වන්නේද රාජ්‍යය අනුග්‍රහය මගින්ය. අද රට තුල විවිධාකාර පුද්ගලයින් සිදු කරගෙන යන අන්තවාදී වැඩ කටයුතු වලට මෙම ප්‍රකාශය ඉමහත් රුකුලක් බවට පත් වී ඇත. තවද පාරම්පරිකව මෙම රට තුල සෑම ජාතියක්ම සහජීවනය හා සංහිඳියාව පැවත එන අතර තම තමන්ගේ අගමික වැඩ කටයුතු දියත් කරමින් සිටිති. තවද ශී‍්‍ර ලාංකේය මුස්ලිම් ජනතාව කිසිවිටක අන්තවාදයට හෝ ත්රස්තවාදයට සහයෝගය දක්වන්නේ ද නැත. මුස්ලිම් ප්‍රජාව මෙරට තුල සාමය සහජීවනය හා සංහිඳියාව ඇති කිරීමට කැප වී වැඩ කටයුතු කරගෙන සිටිති. අප ශී‍්‍ර ලාංකිකයන් ලෙස ජීවත් වී මෙම මාතෘ භූමියට කළ හැකි උපරිමය සිදු කිරීම අපගේ අපේක්ෂාව වේ. එම නිසා මෙවැනි ප්‍රකාශයන් සිදු කර රට තුල පවතින සහජීවනය හා සංහිඳියාවට තර්ජනයක් ඇති නොකිරීමට සෑම වගකිවයුත්තෙක්ම වග බලා ගත යුතු වේ.
මෙයට
අෂ් ෂේක් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්
සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය
23.07.2015
සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් 2015 ජූලි මස 22 දින පහත සඳහන් ශ්‍රී ලාංකේය ප්‍රධාන මුස්ලිම් සංවිධානයන්හි සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද අන්තවාදීත්වයට විරෝධී සමුළුවේ නියෝජිතයින් වන අපි සියලුම ආකාරයේ ප්රචණ්ඩත්වයන් හා ත්‍රස්තවාදී ක්‍රියාවන් ඒකාර්ථයෙන් හා ඒකමතිකව හෙළාදකින්නෙමු.
ඉස්ලාමය සකල මනුෂ්‍ය වර්ගයාටම මෛත්‍රිය හා කරුණාව දැක්වීම පදනම් කරගත් දහමකි. එය සදාතනික සාමයේ, ශාන්ත භාවයේ, ආරක්ෂාවේ හා සහෝදරත්වයේ උල්පතකි. ආගමික හෝ වාර්ගික භේදයකින් තොරව ඉස්ලාමය මිනිස් ජීවිතයන්ට උත්තරීතර අගයක් ලබාදී ඇත්තේ එක් අයෙකුව නිරපරාදේ මරා දැමීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම මරා දැමීම හා සම කරමිනි. සාමය හා සහෝදරත්වය සම්බන්ධයෙන් වූ එහි ඉගැන්වීම් සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම අදාළ හා ආවරණය කරන්නක් ලෙස පවතී. කිසිදු භේදයකින් තොරව සැමට සහෝදරත්වයෙන්, මෛත්‍රියෙන්, සාධාරණත්වයෙන් හා යුක්ති ගරුකව කටයුතු කරන ලෙස ඉස්ලාමය උගන්වයි. ඉස්ලාමය සියලුම ආකාරයේ හිංසනයන්, කලහකම් හා ත්‍රස්ත ක්‍රියාවන් ඉතා දැඩි අයුරින් හෙළාදකියි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව හිංසනය, අනර්ථකම්, කලහකම් හා මිනිස් ඝාතනයන් බරපතල පාපයන් හා අපරාධයන් ලෙස සැලකේ.
අයි.එස්.අයි.එස්. සංවිධානය සාහසික අන්තවාදී සංවිධානයක් වේ. එය නොමග ගිය සංවිධානයක් වන අතර එහි ක්‍රියාකාරකම් ඉස්ලාමීය ප්‍රතිපත්ති හා ශික්ෂාවන්ට පටහැනිය. අවාසනාවට බටහිර මාධ්‍ය විසින් ‘ජිහාද්’ යන පදය වැරදි හා අනිසි අයුරින් යොදා ගනිමින් එය මිනිස් ඝාතන හා අසාධාරණ යුද ගැටුම් අර්ථවත් කරන්නක් බව හුවා දක්වමින් කටයුතු කරයි. ඕනෑම සංවිධානයක් අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට ‘ජිහාද්’ සංකල්පයේ මුවාවෙන් කටයුතු කරන්නේ නම් සත්‍යය වශයෙන්ම එය පරිපූර්ණ ලෙසම ඉස්ලාමයට පටහැනි ක්‍රියාවකි. නිවැරදි ඉස්ලාමීය මුලාශ්‍ර පදනම් කරගනිමින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් ‘ජිහාද්’ සංකල්පයේ ආධ්‍යාත්මිකත්වය විග්රහ කරමින් නිකුත් කොට ඇති ග්‍රන්ථය අපි සම්පූර්ණයෙන්ම අනුමත කරන්නෙමු.
2014 ජූලි මස 6 වැනි දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරන ලද සවිස්තරාත්මක ගුවන් විදුලි වැඩ සටහන මගින් හා 2014 අගෝස්තු මස 30 වැනි දින නිකුත් කරන ලද මාධ්‍ය ප්රකාශනය මගින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විසින් අයි.එස්.අයි.එස්. සංවිධානය ඉස්ලාමයට පටහැනි අන්තවාදී සංවිධානයක් ලෙස හෙළිදරවු කිරීමට ගත් පියවරයන් අපි ඉතා අගය කොට සලකන්නෙමු.
අයි.එස්.අයි.එස්. හෝ අන් ඕනෑම අන්තවාදී සංවිධානයක් සමග ඉස්ලාමය කඩතුරාවක් කරගනිමින් සම්බන්ධතාවන් පවත්වන සියල්ලන් ව අපි ඉතා දැඩි ව හා ඒකාර්ථයෙන් ම හෙළාදකින්නෙමු. ඕනෑම ආකාරයේ අන්තවාදී ක්‍රියාවන් හි නියැලෙන ඕනෑම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සාධාරණීය කිරීමට සහතික වශයෙන්ම කිසිදු අවස්ථාවක අපි ඉදිරිපත් නොවන්නෙමු.
අන්තවාදී ක්‍රියාවන් හි නියැලෙන සියලු පුද්ගලයන්ට එරෙහි ව තරාතිරම හෝ අන් කිසිදු සාධකයක් ගැන තැකීමකින් තොරව නීතිය දැඩි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු. අපගේ මාතෘ භූමියෙන් මෙවන් ව්‍යසනයන් සහමුලින්ම තුරන්කර දැමීම පිණිස සමාජ විරෝධී හා අපරාධකාරී පුද්ගලයින් ගැන කටයුතු කරන සියලු රාජ්‍ය ආයතන වෙත අපගේ පූර්ණ සහයෝගය හා උපකාරයන් ලබා දීමට සූදානමින් සිටින්නෙමු.
මෙම කර්තව්‍යයේදී ඉතා වගකීම් සහිත හා නිවැරදි අරමුණු පදනම් කරගනිමින් කටයුතු කරන ලෙස සියලු මාධ්‍ය ආයතනයන් වෙත ඉතා කාරුණික ව ආයාචනය කර සිටින්නට කැමැත්තෙමු. විවිධ වාර්ගිකයින් අතර රටේ දැනට පවතින ශුභවාදී සහජීවන රටාවට හානියක් වන අයුරින් මෙවන් ක්‍රියා හා බැඳි ප්රවෘත්ති සංවේදීත්වය දනවන ලෙසින් පළ නොකරන ලෙසද ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.
ආරම්භයේ සිට ශත වර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව තම මාතෘ භූමියට කොන්දේසි විරහිත පක්ෂපාතිත්වයෙන් මෙන්ම දේශාභිමානය හා දේශානුරාගයෙන් යුක්තව කටයුතු කොට ඇත. අපගේ මාතෘ භූමියට අපකීර්තියක් හෝ කැළලක් වන අයුරින් කිසිදු ක්‍රියාවක් කිරීමට හෝ අනුමත කිරීමට මුළුමහත් මුස්ලිම් ප්‍රජාවම බැඳී සිටින බව ඒකාර්ථයෙන් හා ඒකමතිකව සහතික කරන්නෙමු.
ඉස්ලාමය සාමූහික සහජීවනය අවධාරණය කරන දහමකි. මේ ආකාරයට සමාජීය සබැඳියාවට හානිකරන කිසිදු කි‍්‍රයාමාර්ගයක් ඉස්ලාම් ධර්මය අනුමත නොකරයි.
ධර්මයන් අතර අනවශ්‍ය ප්රශ්නයන් ඇති කරන ආකාරයට මුස්ලිම්වරු කි‍්‍රයා නොකළ යුතු අතර අන් ආගමික සහෝදරයන්ගේ ආගමික අගයන් වලට ගරු කළ යුතුයි යනුවෙන් ද ඉස්ලාමය උගන්වා දෙයි.
ඉස්ලාමයට එරෙහිව කටයුතු කරන බලවේගයන් කි‍්‍රයාත්මක වන විටදී ඔවුන් කි‍්‍රයාත්මක වන ආකාරයටම මුස්ලිම්වරු කි‍්‍රයා කිරීම ඉස්ලාමය අනුමත නොකරයි. අයහපත් කි්රයාවන් යහපත් කි්රයාවන් මගින් වලක්වන ලෙසට ද අයහපත පෙන්වාදෙන විටදී මෘදු භාවයෙන් කතා කරන ලෙසට ද අන් ආගමික සහෝදරයන්ගේ සිත් නොරිදවන ආකාරයට වදන් භාවිත කරන ලෙසට ද ඉස්ලාමය මගපෙන්වා දෙයි.
අනෙකුත් ධර්මයන් විවේචනය කිරීම ඉස්ලාමය දැඩිව හෙළා දකින අතර අනෙකුත් ආගමික නායකයන් සමග ගෞරවයෙන් කටයුතු කිරීමට ඉස්ලාමය මගපෙන්වා දෙයි. ඉස්ලාම් ධර්මයේ මෙම ඉගැන්වීම් උදාසීන වන ආකාරයට ලිවීම ද කතා කිරීම ද සමාජ ජාලයන් භාවිත කිරීම ද අප දැඩිව හෙළා දකින්නෙමු.
ඕනෑම මුස්ලිම්වරයෙකු අනෙකුත් ආගමකට හෝ ආගමික නායකයන්ට අගෞරව කරන ආකාරයට අදහස් ඉදිරිපත් කිරීම අප හෙළා දකින අතර මෙම ක්‍රමවේදය ඉස්ලාමීය ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම පටහැනි යැයි විවෘතව ප්‍රකාශ කරන්නෙමු.
තවද ඉස්ලාමයට ද මුස්ලිම්වරුන්ට ද මුස්ලිම්වරුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනයට ද අපහාසාත්මකව සිදු කරන සෑම කටයුත්තක්ම අප හෙළා දකින අතර මෙවැනි දෑ සඳහා ඉදිරිපත් වන පුද්ගලයන්ට විරුද්ධව නිසි පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙලෙස නීතියට හා සාමූහික සංහිදියාවට පටහැනිව කරන්නා වූ කි්රයාවන් නැවැත්වීමට නීතියේ හස්තය ඉදිරිපත් නොවුවහොත් මාතෘ භූමියට ද අපගේ සහෝදර වැසියන්ට ද හානිකර බලපෑම් ඇති විය හැකි වේ.
තවද ජාතීන් අතර ඇති විය හැකි මතභේදයන් හදුනාගෙන ඒවා නැතිකර දැමීමට රජය අවධානයෙන් කි‍්‍රයා කළ යුතු අතර මුස්ලිම්වරුන් සම්බන්ධ කරුණු ගැන ඉස්ලාමීය විද්වතුන් හා මුස්ලිම් සමාජයේ නායකයන් සමග සංවාදයේ නිරත වීම මගින් යහ ප්රතිඵලයන් රජයට ලබා ගත හැකි යනුවෙන් ද අප අවධාරණය කරන්නෙමු.
All Ceylon Jamiyyathul Ulama - ACJU
All Ceylon Young Muslim Men’s Association Conference - YMMA
Sri Lanka Jama'athe Islami – SLJI
All Ceylon Thowheedh Jama’ath –ACTJ
Muslim Council of Sri Lanka - MCSL
National Shoora Council – NSC
Sri Lanka Islamic Center
Sri Lanka Islamic Student’s Movement
All Ceylon Union of Muslim League Youth Fronts - ACUMLYF
World Assembly of Muslim Youth – WAMY
Jama'ath Ansaris Sunnathil Mohammadiyya - JASM
Jama’athus Salama
International Islamic Relief Organization- IIRO
Association of Muslim Youth of Sailan (Sri Lanka) - AMYS
Colombo District Masjid Federation – CDMF
Sri Lanka Shariee’ah Council
Al Hikma Welfare Association
All Ceylon Muslim Educational Conference - ACMEC
Jama’ath ut Thowheed
Rapid Response Team - RRT
Sri Lanka Muslim Media Forum – SLMMF
All University Muslim Students Association - AUMSA
Advocacy & Reconciliation Council