2020.02.04
අපගේ මාතෘ භූමියට නිදහස ලැබී වසර 72 ක් සම්පුර්ණ වන දිනය අප අභිමානයෙන් සමරමින් සිටින්නෙමු. නිදහස් දිනය සමරන සෑම විටෙකම එම ජයග්‍රහණය හා බැඳුනු අතීත සිදුවීම් අපට නිතැතින්ම සිහිපත් වෙයි.
අප රටට නිදහස ලබා ගැනීමට එදා විවිධ ජනකොටස්වලට අයත් ලාංකික ප්‍රජා නායකයන් එකට අත්වැල් බැඳ වෑයම් කළහ. එවිට ඔවුන් සැමගේ අදිටන වුයේ ශ්‍රී ලාංකිකයන් ලෙසින් අප සැම එක්සත්ව මව් බිමට ස්වෛරී බව ලබා ගත යුතුය හා අප සැම සාමයෙන් හා එකමුතුව මෙහි වාසය කළ යුතුය යන්නයි. ඒ අනුව නිදහස ලැබුනු දිනයේ පටන් තමතමන්ගේ අනන්‍යතාවන් රැක ගනිමින් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් සියල්ලන්ම කැපවීම් කළහ.
ලාංකික මුස්ලිම් ජනයාද එදා පටන් බලයට පත් වන රජයන්ට සහය දක්වමින් හා එහි පාර්ශවකරුවන් වශයෙන් කටයුතු කරමින් දැයේ එක්සත් බව භෞමික අඛණ්ඩතාව ජාතික ආරක්ෂාව හා ආර්ථික උන්නතිය වෙනුවෙන් උර දුන්හ. මෙයට ඉතිහාසයද සාක්ෂි දරයි.
බෞද්ධ හින්දු ඉස්ලාම් හා කිතුනු ආගම් අදහන සියලූ ලාංකිකයන් එක මවකගේ දරුවන් මෙන් දශක ගණනාවක් මෙහි වාසය කර ඇති තත්ත්වයක අප අතර අසමගිය හෝ අවිශ්වාසය ඇති වී ජනකොටස් හුදෙකලා වීම හෝ ඈත් වීම නියම ලාංකිකයන් කිසිසේත් අනුමත කරන්නේ නැත.
දැයේ සුක්කානම සියතට ගෙන සිටින අතිගරු ජනාධිපති මැතිඳුන් උක්ත අපේක්ෂාව තවත් ශක්තිමත් කරමින් රට එක්සේසත් කරන්නට කැප වනු ඇති බව අපගේ අචල විශ්වාසයයි. ජනාධිපති තුමන් පසුගිය දින සිය මුලාසන දේශනාවෙහි කී පරිදි ඔහු මෙරටේ සෑම පුරවැසියෙකුගේම නායකයාය. එතුමන්ගේ එම ප්‍රකාශයට වචනාර්ථයෙන්ම අරුත් ලබා දෙමින් ප්‍රායෝගිකව කටයුතු කරන්නට ඔහුට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.
ප්‍රජාව ලෙසින් අප සැමටද රටේ අභිවෘද්ධිය සඳහා කැපවීම් කිරීමේ වගකීම ඇති බවද අප අමතක නොකළ යුතුය. අපගේ මෙම මාතෘ භූමියට සියලූ සෞභාග්‍යයන් යුත් නිදහසක් අත් වේවා යැයි සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව හෘදයාංගමව පතයි.
අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව.