2018.03.22
ප්රශ්නයන් ඇති වන සෑම විටකම මුස්ලිම්වරුන් වන අප ශුද්ධ වූ අල් කුර්ආනය, නබිතුමන්ගේ වැකි වලට අනුව හා එතුමන්ගේ සත්‍ය සහගාමීන්ගේ ආදර්ශයන් මගින් නිසි අවබෝධය ලබා ගෙන කටයුතු කිරීම ඔස්සේ එම ප්‍රශ්නවලට පිළියම් සොයා ගැනීමට හැකි වේ යනුවෙන් සෑම මුස්ලිම්වරයෙකුම තම සිත තුල පතිත කර ගත යුතු වේ.
විවිධාකාර ජාතීන් හා ආගමිකයන් අතර ජීවත්වන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සාමුහික සහජීවනය පවත්වාගෙන සුහදත්වයෙන් කටයුතු කර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. මෙම අකාරයට ඉදිරයේදී ද කටයුතු කළ යුතුයි යනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයන් පරිහරණය කරන විට අප ඉතා අවධානයෙන් කටයුතු කළ යුතුය. පසු ගිය දිනයන්හි නුවර ප්‍රදේශයේ සිදු වූ කෝලාහලකම් නිසා සහ්රාන් මව්ලවි නැමැත්තා විසින් අනෙකුත් ආගමිකයන්ට අපහාස කර ශුද්ධ වු අල් කුර්ආන් වැකියන් හුවා දක්වා ඉතා ඉක්මනින්ම යුද්ධයකට ජනතාව සුදානම් වන්න යනුවෙන් පවසා ඇති වීඩියෝ පටය සමාජ මාධ්‍යයන් තුළ දැක ගැනීමට හැකිය. මෙම පුද්ගලයාගේ මෙම කලහකාරී ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය තරයේ හෙළා දකියි. මෙවන් ප්‍රශ්නසහගත අවස්ථාවන්වලදී සුළුතරයක් වූ මුස්ලිම්වරුන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව ඉස්ලාමීය විද්වතුන් විසින් ඉස්ලාමීය නිවැරදි මග පෙන්වීම් අපට ලබා දී ඇත.
ප්‍රශ්න සහගත අවස්ථාවන් වලදි මෙවැනි විඩියෝ පට අපගේ සමාජය වැරදි මාර්ගයට යොමු කරාවි. එම නිසා ප්‍රශ්න සහගත අවස්ථාවන් වලදී රටේ නීතියට ගරු කරමින් තමන්ව හා තමාගේ දේපළ ආරක්ෂා කර ගැනීමට ආත්ම ආරක්ෂාව තහවුරු කර ගැනීම අප සියලු දෙනාගේම වගකීම වේ.
ප්රචන්ඩත්වය හා ප්‍රශ්නයන්ව දැඩිව හෙළා දකින ඉස්ලාමය අනෙකුත් ආගමිකයන් සමග කටයුතු කළ යුතු ආකාරය ද පෙන්වා දී ඇත. එලෙසම ජීහාද් පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එම නිසා මෙවැනි වීඩියෝ පට හා ප්‍රචාරයන් අපව තව තවත් අනවශ්‍ය කෝලාහලකම් වලට මං පාදන නිසා එවැනි දේවල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී ක්‍රියා කරන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය ඉල්ලා සිටියි.
අෂ්-ෂේක් එච්. උමර්දීන්
ලේකම් (ප්රචාරක කමිටුව)
සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංගමය