රටේ නැවතත් පැතිරෙමින් පවතින කෝවිඩ් -19 වසංගතය සම්බන්ධව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මාර්ගෝපදේශ

නොවැ 07, 2020

 

ACJU/FRL/2020/21-238

2020.11.06

1442.03.17

 

අවාසනාවකට දෙවන වරටත් කොරෝනා වසංගතය අප රටේ පැතිරෙන්නට පටන් ගෙන ඇත. මෙවර මෙය වඩාත් වේගයෙන් හා දරුණු ප්‍රභේදයකින් පැතිරෙන බව සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවති. තත්වය පාලනය කිරීමට රජයද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනු අප දකින්නෙමු. රජයේ එම ක්‍රියාමාර්ග සාර්ථක වන්නට නම් ප්‍රජාවක් වශයෙන් අප සියලු දෙනාම පුර්ණ සහය රජයට ලබා දිය යුතුය.

 

ලොව සියලුම දේ සිදු වන්නේ අල්ලාහ්ගේ අභිමතය හා සැලැස්ම පරිදිය යනු මුස්ලිම්වරයෙකුගේ අචල විශ්වාසයයි. එමෙන්ම ලොව ඔහු පහළ කළ සෑම රෝගයකටම අදාල ඖෂධය හෙවත් ප්‍රතිකාරයද අල්ලාහ් පහළ කර ඇත යන්න ඉස්ලාමීය ස්ථාවරයයි. කිසිදු රෝගයක් එයට අදාල ප්‍රතිකාරය නොමැතිව අල්ලාහ් ලොවට පහළ කළේ නැත යනුවෙන් කාරුණික නබි මුහම්මද් (සල්) තුමන් පැවසුහ.

 

මෙම වසංගතයෙන් ආරක්‍ෂා වීම සඳහා ඉස්ලාමීය කෝණයෙන් පහත මාර්ගෝපදේශ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙත ලබාදෙයි:

1. ඇඳිරි නීතිය පනවා ඇති පෙදෙස්වල වාසය කරන්නන් එම නීතියට අනුව කටයුතු කළ යුතුයි. අත්‍යවශය අවශ්‍යතාවන් සඳහා මිස නිවසින් පිටතට යෑමෙන් වැළකී සිටිය යුතුය. රජය විසින් මෙවන් නීති පනවන්නේ අපගේම ආරක්‍ෂාව වෙනුවෙන් බව අප වටහා ගත යුතුය. (මේ සම්බන්ධව 2020.04.06 වන දින එළිදැක්වූ ප්‍රකාශය මෙම සබැඳිය තුළින් බලා ගත හැකිය: https://acju.lk/downloads-ta/download-posters-ta/file/244-2020-04-06-15-00-00)

2. බෝවන රෝගයක් තිබෙන පෙදෙසට ඇතුල් නොවන මෙන්ද එවන් පෙදෙසකින් වෙනත් පෙදෙසකට පිට නොවන මෙන්ද නබිතුමන් උපදෙස් කර ඇත. (මූලාශ්‍රය : සහීහුල් බුහාරි-5729 සහ සහීහුල් මුස්ලිම් 2219)


වසංගත රෝග සම්බන්ධ නවීන කාලීන සෞඛ්‍ය උපදෙස වන්නේද මෙයයි. ඒ අනුව මෙම උපදෙස පිළිපැදීම මුස්ලිම් අප සැමගේ ආගමික වගකීමක්ද වන්නේය.

 

3. මුඛ ආවරණය පැළඳීම, දෑත් නිතර සේදීම, එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අකුරටම අනුගමනය කළ යුතුය. බෝවන රෝග ඇත්තන් අන් අයගෙන් ඈත්ව සිටිය යුතු යැයි නබි (සල්) තුමන් උපදෙස් කළහ. (මූලාශ්‍රය : සහීහුල් බුහාරි 5771 සහ සහීහුල් මුස්ලිම් 2221)

 

4. කණ්ඩායම් වශයෙන් රැස්වීමෙන් වැළකී සිටිය යුතුය. තමාගේ හා අනුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිවසට වී සිටින්නා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නේය යනුවෙන් කාරුණික නබි මුහම්මද් (සල්) තුමන් පැවසුහ. ( මූලාශ්‍රය : මුස්නද් අහ්මද්)

 

5. කණ්ඩායම් වශයෙන් රැස්වීම වැළකීමේ අරමුණින් රජය විසින් පනවා ඇති රීතින් අනුව පස්වේල සලාතය මෙන්ම සිකුරාදා ජුමුආ සලාතය සඳහා මස්ජිදයට යාමට අපට අවසර නොමැත. එනමුත් එම සලාතයන් නිසි වේලාවට අප නිවසේ සිටම ඉටු කළ යුතුය. (මේ සම්බන්ධව 2020.05.09 එළිදැක්වූ ප්‍රකාශය මෙම සබැඳිය හරහා බලා ගත හැකිය: https://acju.lk/downloads-ta/download-posters-ta/file/261-2020-05-24-14-27-19

 

6. මස්ජිද් සම්බන්ධව රජය විසින් ලබා දී ඇති උපදෙස් සමග මස්ජිද්වල පරිපාලනය විසින් ලබා දී ඇති උපදෙස්ද පිළිපැදිය යුතුය. එමෙන්ම මෙම ව්‍යසනය දුරු වී යාමටද අප දේශයට හා ලෝවැස්සන් සියල්ලටද සෙත් පතා මසක කාලයක් දක්වා පස්වේල සලාතය සමග කුනූත් අන්නාසිලා පාරායණය කරන මෙන්ද සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ලාංකික මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ඒසමගම ඉස්තිග්ෆාර්, උපවාසය, සදකා වැනි යහක්‍රියාද වැඩි කර ගත යුතුය. (කුනුත් අන්නාසිලා පිළිබඳ 2020.10.26 එළිදැක්වූ ප්‍රකාශය මෙම සබැඳිය හරහා බලා ගත හැකිය : https://acju.lk/news-ta/acju-news-ta/item/2005-covid-19

 
එසේම පහත දුආවද පාරායණය කළ යුතුය :


,‏ اللّٰهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبَرَصِ وَالْجُنُونِ وَالْجُذَامِ وَمِنْ سَيِّئِ الأَسْقَامِ ‏,‏

අරුත: ඕ අල්ලාහ්! සුදු කබර, උන්මාදය, ලාදුරු ඇතුලු දරුණු රෝගවලින් අප ආරක්‍ෂා කරන මෙන් ඔබගෙන් අයැද සිටිමු (අබුදාවුද් 1554)

 

7. ඉහත සඳහන් කරුණු ගැන ජනයා හට නිතර සිහිපත් කරන දෙන මෙන් ආලිම්වරුන්ගෙන් ඉල්ලා සිටිමු. අල්ලාහ් මෙවන් රෝගවලින් අප රට මෙන්ම මුළු ලොවම ආරක්‍ෂා කරත්වා. ආමීන්


අෂ්-ෂෙයික් එම්.එස්.එම් තාසිම්
සහකාර මහ ලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

සැයු: ඉහත මාර්ගෝපදේශ පිළිබඳ දින තුනකට අනුමත පිළිවෙත් මගින් මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරන මෙන් ජම්ඉයියාවේ ශාඛා මෙන්ම මස්ජිද්වල පරිපාලනයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Last modified onසෙනසුරාදා, 07 නොවැම්බර් 2020 16:10

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.